කෝටි 03ක ජංගම දුරකථන ගුවන් තොටුපොළේ දමා ගිහින්

0
9


රුපියල් කෝටි 03ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228ක් කටුනායක ගුවන් තොටුපොළේ
තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා ගොස් තිබිය දී තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (25) අලුයම සොයාගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් පැවසුවේ මෙම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක ගමන් මළු දෙකක අසුරා තිබිය දී හමු වූ බවයි.

අද (25) අලුයම 05.30ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් පැමිණි මගියෙක් විසින්
මෙම ජංගම දුරකථන තොගය රැගෙන එන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

මෙම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගය ගුවන් තොටුපොළෙන් පිටකර ගැනීමට අපහසු බව වැටහීමත් සමඟ ඒවා මෙලෙස ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා යන්නට ඇති බවයි විශ්වාස කරන්නේ.

රේගු නිලධාරීන් විසින් ගුවන් තොටුපොළ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කරමින් මෙම මෙම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක තොගය රැගෙන පැමිණි ගුවන් මගියා සොයාගැනීමට විමර්ශන අරඹා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here