
කොළොම්බියාවේ කකුඩා ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට දී 22 හැවිරිදි මරියා හොසේ එස්ටුපින් සාන්චෙස් නම් ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක භාණ්ඩ බෙදාදෙන ඩිලිවරි පුද්ගලයෙකු ලෙස ආ අයකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සිද්ධිය සීසීටීවී කැමරාවල සටහන් වී ඇති අතර, ඇය තම හිටපු පෙම්වතාට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නඩුවක් ඇය ජයග්‍රහණය කර දිනකට පසුව මෙම ඝාතනය සිදු වී තිබුණ නිසා පෙම්වතා ඝාතනය මෙහෙයවන්නට ඇතැයි ආරංචි පළව ඇත.
කොළොම්බියානු බලධාරීන්ට අනුව, ආරක්ෂක කැමරා දර්ශනවල පෙනෙන ආකාරයට, සැකකරු තෑග්ගක් ගෙන එන බව පෙන්වමින්, ඇයට ඉතා සමීපවී වෙඩි තබා පයින් පලා ගොස් ඇත.
මරියා ප්‍රදේශයේ රෝහලකට ඉක්මනින් රැගෙන ගිය නමුත් තුවාලවලට ගොදුරු වී මිය ගොස් තිබේ.
මෙම සිද්ධිය දැන් ඉලක්කගත ඝාතනයක් ලෙස විමර්ශනය කෙරෙමින් පවතී. මරියා හොසේ එස්ටුපින් මෑතකදී ගෘහස්ථ අපයෝජන නඩුවක් සාර්ථකව නඩු පවරා ඇමරිකානු ඩොලර් 7,000ක් පමණ වන්දි මුදලක් අධිකරණයෙන් ලබාගෙන තිබුණි. ඇගේ හිටපු පෙම්වතා පිළිබඳව විමර්ශන කටයුතු කෙරෙමින් පවතින නමුත් මේ වන තෙක් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු වී නොමැත.
සැකකරු සම්බන්ධ දර්ශනවල ඔහු කළු කැප් තොප්පියක්, ජැකට්ටුවක්, ජීන්ස් කලිසමක් සහ පිටුපස බෑගයක් පැළඳ සිටින ආකාරය පෙනේ. මෙය භාණ්ඩ බෙදාහරින පුද්ගලයන් සඳහා සාමාන්‍ය ඇඳුම් විලාසයක් වන අතර, ප්‍රහාරය එල්ල කරන මොහොත දක්වා සැක සහිත ලෙස නොපෙනෙන පරිදි සිටීමට ඔහුට එය උපකාරී වී ඇත. ඔහුගේ පලායෑම ද අවට කැමරාවල සටහන් වී ඇති අතර, අසල වීදි හරහා පලා යන ආකාරය එහි දැක ගත හැකිය. මෙම ඝාතනය එරට කාන්තා අයිතිවාසිකම් සංවිධාන සහ නීති නිලධාරීන්ගෙන් දැඩි ප්‍රතිචාර ඇති කර තිබේ.
මාරියා සිසුවියක සහ නැගී එන නිරූපිකාවක ලෙස ප්‍රසිද්ධවී සමාජ මාධ්‍ය හරහා ශක්තිමත් අනුගාමිකයන් පිරිසක් ද ගොඩනගාගෙන තිබුණි. ඇගේ මරණය මැක්සිකානු කලාකාරිනියකවූ මාර්ක්වෙස්ගේ ඝාතනයට සමාන කර ඇත. මාර්ක්වෙස් දින කිහිපයකට පෙර සජීවී විකාශයක් අතරතුර වෙඩි තබා ඝාතනය කරන ලදී. මෙම සිද්ධීන් දෙකම ලතින් ඇමරිකාව පුරා කාන්තාවන් සඳහා වැඩි ආරක්ෂාවක් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වඩාත් සඵලදායී ක්‍රියාමාර්ග සඳහා ඉල්ලීම් ඇති කර තිබේ.





Saru FM Media