කොළඹ හතේ ප්‍රභූ නිවෙස් 4ක් නව මහාධිකරණ වෙයි

0
1

දැනට රජයට භාරදී ඇති පසුගිය සමයේ විවිධ ඉහළ පෙළේ ප්‍රභූන්ට වෙන් කර තිබූ කොළඹ 07 ප්‍රදේශයේ ඇති ගොඩනැගිලි හතරක නව මහාධිකරණ 04ක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (28දා) පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

“පසුගිය කාලයේ සිදු වූ වංචා, දූෂණ සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් නඩු පවතිනවා. එහෙත් ඒවා විභාග කිරීමේදී ප්‍රමාද වෙනවා. ඊට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිවීම නිසා ඒවා ඉක්මනින් ඇසීම අමාරු වී තිබෙනවා. මේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා නව මහාධිකරණ 04ක් අලුතෙන් ආරම්භ කරන්න රජය තීන්දු කළා.

දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි කිහිපයක් කොළඹ 07 ප්‍රදේශයේ තිබෙනවා. ඒවා පසුගිය කාලයේ විවිධ අයට වෙන් කරලා තිබුණු ඒවා. ඒ ගොඩනැගිලි 04 ක මහාධිකරණ පිහිටුවන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාදුන්නා.

ඒ අනුව අංක බී 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක සී 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක බී 108, විජේරාම පාර, කොළඹ 07, අංක බී 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය යන ගොඩනැගිලි මහාධිකරණ ගොඩනැගිලි බවට පත් කරගෙන යනවා. එමගින් ඉක්මනින් නඩු විභාග අවසන් කර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමට ක්‍රියා කරනවා.

මේවාට අවශ්‍ය විනිසුරුවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය පත්කිරීම අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය හරහා සිදුවෙයි.

අකිත පෙරේරා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here