2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම පිළිබඳ ව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව;
2025 වෙසක් උත්සවයට සමගාමීව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.14 වන දින දක්වා ද,
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025.05.12 වන දින සිට 2025.05.16 වන දින දක්වා ද,
සිරස වෙසක් කලාපය 2025.05.12 දින සිට 2025.05.13 වන දින දක්වාද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
බෞද්ධාලෝක වෙසක් කලාපය, බොරැල්ල බේස්ලයින් පාර බන්ධනාගාර හන්දියෙන් ආරම්භව බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල හන්දිය, ඩී.එස්. හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධාලෝක මාවත ඔස්සේ බම්බලපිටිය හන්දිය දක්වා පැවැත්වෙනු ඇති.
රථවාහන ගමනාගමනය සිදු කරනු ලබන ආකාරය ගැන ද පොලිසිය විසින් රියදුරන් ව දැනුවත් කර තිබෙනවා.
මෙම වෙසක් කලාපයට අදාළව මාර්ගය වසා තැබීමක් සිදු නොකරන අතර පහත පරිදි රාත්‍රී 0700 සිට වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සිදු කරනු ලබනවා.
- බේස්ලයින් මාර්ගයේ වැලිකඩ බන්ධනාගාරය සිට කනත්ත වටරවුම දක්වා සමාන්‍ය පරිදි දෙදිසාවටම වාහන ගමනා ගමනය සිදු කරනු ලබයි.
- බොරැල්ල කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දක්වා බෞද්ධාලෝක මාවතේ කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් රථවාහන ගමනා ගමනය සිදු කරනු ඇත.
- බෞද්ධාලෝක මාවත කනත්ත වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දක්වා කොටසට සියලුම අතුරු මාර්ග වලින් ඇතුළු වන සියළු වාහන මංතීරු හතරම ඔස්සේ තුම්මුල්ල හන්දිය දෙසට ගමන් කරවනු ඇත.
විකල්ප මාර්ග -: තුම්මුල්ල හන්දියේ සිට කනත්ත වටරවුම දක්වා ගමන් කරනු ලබන වාහන හයිලෙවල් මාර්ගයේ තිඹිරිගස්යාය හන්දියෙන් තිඹිරිගස්යාය මාර්ගයට හැරී මහවත්ත හන්දියෙන් ඇල්විටිගල මාවතට පිවිස වමට හැරී බේස්ලයින් මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කළ හැක.
බුද්ධ රශ්මි වෙසක් කලාපය, කොම්පඤ්ඤවීදිය පොලිසිය වටරවුම සිට කුමාරන්රත්නම් පාර, කොම්පඤ්ඤවීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය, මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ද, එම මාර්ගයට සම්බන්ධ වන ජිනරතන මාවත, නවම් මාවත හා පෙරහැර මාවත ප්‍රදේශයන්හි පැවැත්වේ.
රථවාහන ගමනාගමනය සිදු කරනු ලබන ආකාරය – මෙම වෙසක් කලාපයට අදාළව රාත්‍රී 0700 සිට පහත පරිදි එක් දිශාවකට වාහන ගමනාගමනය සිදු කරන අතර තාවකාලිකව පහත මාර්ග වසා තැබීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රදේශය අශ්‍රිතව රථවාහන තදබදය අවම වීමෙන් පසුව පහත සදහන් මාර්ග ඔස්සේ වෙසක් කලාපය පිහිටි මාර්ගයන්ට රථවාහන ඇතුලු කිරීම සිදු කරනු ඇත.
- උත්තරානන්ද මාවත රොටුන්ඩා පාර හන්දියෙන් පෙරහැර මාවතට ඇතුලු වීම
- පෙරහැර මාවත, අල්විස් පෙදෙස හන්දියෙන් ජේම්ස් පීරිස් මාවත හන්දිය දෙසට ඇතුල් වීම
- අල්විස් පෙදෙස බොයිඩ් පෙදෙස හන්දියෙන් ජේම්ස් පීරිස් මාවත දෙසට ඇතුලු වීම.
- රාමනායක මාවතින් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් විම.
- ජිනරතන මාවතින් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වීම.
- මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වීම.
- ඇල්ට්‍රා ඇවින්‍යු මාර්ගයෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වීම.
- නවම් මාවතින් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වීම.
- ධර්මදාස මාවතින් ජේම්ස් පීරිස් මාවතට ඇතුල්වීම.
- විතානගේ මාවතින් ජේම්ස් පීරිස් මාවතට
විකල්ප මාර්ග :- - කොළඹට ඇතුළුවීම – (එක් දිශාවකට පමණි) පුස්තකාල වට රවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, මැලිබන් හන්දිය, ලිබර්ටි හන්දිය, කොල්ලුපිටිය හන්දිය, ඔස්සේ ගෝල්ෆේස් දක්වා
- කොළඹට ඇතුල්වීම – ධර්මපාල මාවත ඔස්සේ පිත්තල හන්දිය, රතුකුරුස හන්දිය, ලිප්ටන් වටරවුමෙන් වමට හැරී යුනියන් පෙදෙස ඔස්සේ ඩාලි පාරෙන් සහ කොම්පඤ්ඤවීදය හන්දිය ඔස්සේ පිටකොටුව දෙසට ගමන් කළ හැක.
- කොළඹින් පිටවීම – කොම්පඤ්ඤවීදිය හන්දිය දෙස සිට සර් ජේමිස් පීරිස් මාවත ඔස්සේ කොළඹින් පිටවන වාහන කොම්පඤ්ඤවීදිය හන්දියෙන් යුනියන් පෙදෙස ඔස්සේ ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, රතු කුරුස හන්දිය, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර්.ඒ.ද මැල් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැක.
සිරස වෙසක් කළාපය, බේබෘක් පෙදෙස සිරස ප්‍රධාන කාර්යාලය සිට ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වා පැවැත්වේ.
රථවාහන ගමනා ගමනය සිදු කරනු ලබන ආකාරය – මෙම වෙසක් කලාපයට අදාළව රාත්‍රී 0700 සිට පහත සදහන් මාර්ග තාවකාලිකව වසා තබනු ලබන අතර, මෙම ප්‍රදේශය අශ්‍රිතව රථවාහන තදබදය අවම වීමෙන් පසුව සාමාන්‍ය ගමනාගමනයට මාර්ග විවෘත කරනු ලබයි. - යුනියන් පෙදෙස ස්ටැපල් විදිය හන්දියෙන් ස්ටැපල් වීදියට ඇතලු වීම,
- යුනියන් පෙදෙස ඩෝසන් විදිය හන්දියෙන් ඩෝසන් වීදියට ඇතුල් වීම,
- මුත්තයියා පාර ස්ටැපල් විදිය හන්දියෙන් ස්ටැපල් වීදිය දෙසට ඇතුල් වීම,
- ජිනරතන මාවත හුණුපිටිය හරස් පාර හන්දියෙන් බේබෘක් වටරවුම දෙසට ඇතුල් වීම,
- ධර්මපාල පාර්ක් වීදිය හන්දියෙන් පාර්ක් වීදියට ඇතුල් වීම,
- හයිඩි පාර්ක් කෝනර්, බේබෘක් පෙදෙස හන්දියෙන් බේබෘක් පෙදෙස ඇතුල් වීම,
- රාමනායක මාවත, හුණුපිටිය හරස් පාර හන්දියෙන් පාර්ක් වීදිය දෙසට ඇතුල් වීම,
ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශය, වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්, මෙම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිතව ඇත.
ඒ අනුව 2025.05.12 වන දින සිට 2025.05.13 වන දින දක්වා කාලය තුල කොළඹ කොටුව, ගාලු මුවදොර ප්‍රදේශය, වරාය නගරය සහ කොල්ලුපිටිය හන්දිය දක්වා රාත්‍රී 0700 සිට රථවාහන ගමනා ගමනය මාර්ගයේ එක් දිශාවකට පමණක් සිදු කරනු ලැබේ. - කොළඹට ඇතුල්වීම – කොල්ලුපිටිය හන්දිය දෙස සිට ගාලු මැද පාර බාලදක්ෂ මාවත හන්දිය දක්වා කොළඹට ඇතුළුවීම එක් දිශාවකට පමණක් ගමනාගමනය සිදු කරනු ලබන අතර එන්.එස්.ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත ,ලංකා බැංකු මාවත, යෝර්ක් වීදිය හන්දිය දක්වා කොළඹින් පිටවීම එක් දිශාවකට පමණක් ගමනාගමනය සිදු කිරිමට කටයුතු කරනු ලබයි.
- කොළඹින් පිටවීම – පිටකොටුව දෙස සිට ගාලු මුවදොර හරහා කොළඹින් පිටවන සියලුම වාහන එක් දිශාවකට පමණක් ගමන් කරමින් සෙරමික් හන්දිය, ලෝටස් පාර, එන්.එස්.ඒ.වටරවුම, බාලදක්ෂ මාවත, උත්තරානන්ද මාවත, ආර්.ඒ.ද මැල් මාවත ඔස්සේ කොළඹින් පිටවීම සිදු කරනු ලැබේ.
වෙසක් කළාපය පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචි කරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සදහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදු කරනු ලබන අතර වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුල එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර දෙනු නොලැබේ.
තවද, රථවාහන තදබදය සාමන්‍ය තත්වයට පත් වූ වහාම සියලුම මාර්ග සමාන්‍ය ලෙස දෙදිසාවටම ගමන් කරවීමට කටයුතු සලසනු ලබන අතර ශ්‍රී ලංකා පොලිසිය මඟින් මෙම වෙසක් කලාප පැවැත්වෙන කාලසීමාව තුල බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර සිටිනවා.
Saru FM Media