කොළඹ විරෝධතාවයකට අධිකරණයෙන් ආඥාවක්

0
16


අද දින විරෝධතාකරුවන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර වන ආකාරයට විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වී ඇති බවට කොටුව පොලිසියට ලද තොරතුරක් මත ගාලුමුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර නොකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හංදිය දක්වා ද සෙරමික් හංදියේ සිට එන් එස් ඒ වටරවුම දක්වා ද එහි සිට බාලදක්ෂ මාවත ගාලු මුවදොර වටරවුම දක්වා ගාලු පාර අවහිර වන ආකාරයට මෙම විරෝධතාව පැවැත්වීමටයි එම විරෝධතාකරුවන් කටයුතු කර ඇත්තේ.

එම විරෝධතා පැවැත්විම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොටුව පොලිසිය කරන ලද ඉල්ලීමකට අනුවයි මෙම ආඥාව නිකුත් කර ඇත්තේ.

මෙය උදෑසන 9 සිට පස්වරු 6 වන තෙක් ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here