කොළඹ වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරීම අත්හිටුවයි!

0
2

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ LNW :

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ දැනට ක්‍රියාත්මක වන වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් තීරණය කර ඇත.

ගෝලීය වශයෙන් පවතින යුදමය ගැටලු සහ ආර්ථික අර්බුද හේතුවෙන් මහජනතාව පත්ව ඇති පීඩාකාරී තත්ත්වය අවම කිරීම මෙම පියවරෙහි මූලික අරමුණයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ සඳහා නගර සභා මුදල් කමිටුවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

මින් පෙර උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවති ගාස්තු ක්‍රමය මෙලෙස අවලංගු කර ඇති අතර, එය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වේ. මෙම සහනය හරහා නගරයට පැමිණෙන ජනතාවට තාවකාලික මූල්‍යමය සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

The post කොළඹ වාහන නැවැත්වීමේ ගාස්තු අයකිරීම අත්හිටුවයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here