කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ තුන්වන ජැටියේ මෙහෙයුම් අරඹයි

0
7

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තුන්වන නැව් තටාකාංගණයේ මෙහෙයුම් අද (23) ආරම්භ කෙරිණි.

මෙහෙයුම් ආරම්භය සංකේතවත් කරමින් ලොව ප්‍රධාන නැව් සමාගම් 3ක නෞකා 3ක් නැව් තටාකාංගණය පැමිණියේය.

ගැන්ට්‍රි දොඹකර 12ක් සහ ස්වයංක්‍රිය අංගණ දොඹකර 40කින් සමන්විත මෙම  නැව් තටාකාංගණය හරහා කලාපීය නාවික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ මෙහෙයුම් තවත් ශක්තිමත්වනු ඇත.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් මුල්වරට ආරම්භ කෙරුණේ 2022 වසරේ ජනවාරි 12 වැනිදාය.

හෙක්ටයාර 75ක භූමියක් තුළ ඉදිවන නැගෙනහිර පර්යන්තයේ මුළු දිග මීටර 1320කි.

ඉන් මීටර් 1090ක් සහ අනෙකුත් ඉදිකිරීම්වලින් 82%ක් මේ වන සම්පූර්ණකර අවසන් කර ඇත.

2025 වසරේදී නැගෙනහිර පර්යන්තය මගින් බහාලුම් පන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙහෙයවා ඇති අතර සම්පූර්ණ ඉදිකිරීම් අවසන් වූ පසු  බහාලුම් මිලියන 1.5ක් මෙහෙයවීමට හැකියි.

කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් වරාය අධිකාරියේ අධීක්ෂණය හා අයෝජනය මත මෙම නැගෙනහිර පර්යන්තය ඉදිකෙරේ.
ඒ නැගෙනහිර පර්යන්තය හා අදානි සමාගම පිළිබඳ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මත ඇතිවූ විරෝධතාවලින් පසුව වීමත් විශේෂත්වයකි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here