කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති දෙවන ඉරාන නෞකාව IRIS Bushehr?

0
2

කොළඹ වරාය ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඉරාන දෙවන නෞකාව පිළිබඳ තොරතුරු වාර්තා වී තිබේ.

වාර්තා අනුව IRIS Bushehr ලෙස හැඳින්වෙන මෙම නෞකාව ටැන්කර් වර්ගයේ යුද සැපයුම් නෞකාවක් ලෙස සැලකේ.

එම නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 12ක් පමණ දුරින් මුහුදේ නැංගුරම් ලා ඇති බව සඳහන්ය.

තවද මෙම IRIS Bushehr නෞකාව ඊයේ මුහුදුබත් වූ බවට වාර්තා වන IRIS Dena නෞකාවට සැපයුම් ලබාදීම සඳහා පැමිණ ඇති බවද සඳහන් වේ.

එම නෞකාවේ කැඩෙට් නිලධාරීන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බවටද තොරතුරු වාර්තා වන අතර, මේ වනවිට නෞකාව විසින් AIS (Automatic Identification System) පද්ධතිය ක්‍රියා විරහිත කර ඇති බවද පැවසේ.

මෙම නෞකාව මීට පෙරද කිහිපවරක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මෙවර පැමිණීම කිසිදු පෙර සැලසුමක් නොමැතිව සිදුව ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here