කොළඹ රුසියානු තානාපති කාර්යාලය බෝම්බ බියක් හේතුවෙන් අද විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණා.
පස්වරු 01.00ට පමණ විදේශිකයෙකු විසින් තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිඝණකයක් ලබාදී, ක්ෂණිකව පිටව යාම හේතුවෙන් එලෙස බෝම්බ බියක් ඇති වී තිබෙනවා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය සහ කුරුඳුවත්ත පොලීසියේ නිලධාරින් ඇතුළු කණ්ඩායමක් තානාපති කාර්යාලය පරික්ෂාවට ලක් කළා.
පොලිස් සුනඛ අංශයේ ‘ලෝර්ඩ්’ නැමති සුනඛයා ද පරික්ෂා කිරීම් සඳහා යොදාගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
Saru FM Media