කොළඹ මල්පාර එජාප කාර්යාලයේදී හදිසි රැස්වීමක්!

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 25, කොළඹ LNW :

අද (25) උදෑසන විපක්ෂයේ කණ්ඩායම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී ඇති බව වාර්තා වේ. විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව පැවසෙයි.

තවද, බාල ගල්අඟුරු සිද්ධිය, පාතාල ඝාතන සහ ගෑස් ගැටලුව සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව පැවසෙන අතර, කොළඹ මල්පාර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව පැවසේ.

මෙම සාකඡාව පවත්වා ඇත්තේ උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව බව වැඩිදුරටත් වාර්තා වේ.

The post කොළඹ මල්පාර එජාප කාර්යාලයේදී හදිසි රැස්වීමක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here