කොළඹ බලය අල්ලන්න මාලිමාවයි සජබෙයි සටන් කරද්දී කොළඹදීම හරිනි-බිමල්-සජිත් එකම තැනක හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
2


පලස්තීන ජනතාව රාජ්‍ය ත්‍රස්තවාදයට ලක් වෙමින් ඔවුන්ගේ ජීවත් වීමේ සහ ඔවුන්ගේ මානව අයිතිය අහිමි වූ යුගයක් පසු කරමින් සිටින බවත් මෙම පලස්තීන ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදෙසා අනිවාර්යෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

සෑම වසරකම මැයි 15 වැනි දින අල් නක්බා දිනය සමරනු ලැබේ. එය පලස්තීන නිජබිම විනාශ කිරීමේ ආරම්භය සහ 1948 දී පලස්තීන ජනගහනයෙන් බහුතරයක් මහා පරිමාණයෙන් අවතැන් වීමේ ආරම්භය සනිටුහන් කරයි. ඒ අනුව අද දිනට යෙදී තිබූ 75 වැනි අල් නක්බා සැමරුම වෙනුවෙන් කොළඹ දී පැවැති උත්සවයක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

පසුගිය කාලයේ නොයෙකුත් ආකාරයෙ ජාත්‍යන්තර වැඩපිළිවෙළවල රැසක් මේ ගැටලුව වෙනුවෙන් දියත් වුවත් එය හුදෙක් කතාවට පමණක් සීමා වී ක්‍රියාව පැත්තෙන් දුර්වල වූ මොහොතක රටක් ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලස්තීන ජනතාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික, සංස්කෘතික, ආගමික හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම දශක හතරකට වැඩි කාලයක් පලස්තීන ජනතාව තම භූමිය අහිමි වීම වැනි අභියෝග රැසකට මුහුණ දුන්නත් ඔවුන්ට භූමියකට, රටකට හිමි ස්වයං නිර්ණ අයිතිය අහිමි කළ නොහැකි බවත් ආරක්ෂිත දේශ සීමාවක් තුළ නිදහසේ ජීවත් වීමට ද ඔවුන්ට අයිතියක් ඇති බවත් ඒ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද මැදපෙරදිග කලාපයේ කල්පවත්නා සාමය ඇති කර ගත හැක්කේ සියලු දෙනා එකට එකතු වී සාකච්ඡා කර සම්මුතියෙන් බවට තමා විශ්වාස කරන බවත් එහි දී ගෝලීය වශයෙන් පලස්තීන ජනතාව වෙන් කොට නොසැලකීම, කොන් නොකිරීම, පීඩා නොකිරීම මෙන්ම ඔවුන් සතු අයිතින් දිනා ගැනීමට සැවොම කැපවිය යුතු බවත් බෝම්බ හෙලා පලස්තීන ජනතාව සමූල ඝාතනය කිරිම වැළැක්විය යුතු බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඒවා වැරදි හෙයින් ස්වාධින රාජ්‍යයක් තුළ ඔවුන්ට හිමි නිදහස ලබා දීමට ගෝලීය වශයෙන් සියලු දෙනා පෙරට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන් ම ශ්‍රී ලංකාව රටක් ලෙස පලස්තීන ජනතාවගේ අයිතිය සුරක්ෂා කරන්නට නැගී සිටිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සභාවල මෙම ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬ නැගිය යුතු බවත් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේද කිසිදු භේදයකින් තොරව ඒකමතිකව යෝජනා ස්ථිරත්වයෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කර එක්සත් ජාතීන්ගේ මහසභාව තුළ රැව්පිළිරැව් දෙන මහා හඬක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

අවසාන වශයෙන් පලස්තීන ජාතිකයන්, පලස්තීනයේ ආගමික සිද්ධස්ථාන, රෝහල්, පාසල් හා එම ජන සමාජය විනාශ කිරීමේ අරමුණින් එම ජනතාවට ලබා දෙන ආහාර ඖෂධ සියල්ල නතර කර ක්‍රියාත්මක වන මිනිමරු ප්‍රතිපත්තියට විරුද්ධව නැගී සිටින බවත් බහුතරයක් විශ්වාස කරන පලස්තීනය සහ ඊශ්‍රාලය එකට සාමකාමීව ජීවත් විය යුතු ගමනට නායකත්වය ලබා දෙන්න ශ්‍රී ලංකාව ද සුදානම් බවත් ඒ වෙනුවෙන් භේදයකින් තොරව සහයෝගය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here