කොළඹ බලය අල්ලන්න කලින් සජිත් කොළඹ වටේ ඇවිදලා කරන්න ඕන වැඩ කොටස ගැන සොයා බලයි! මේ පොඩි මිනිස්සු පිරිවරාගෙන මාළිගාවත්තට ආපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
3


අද වන විට රටේ ජනතාවට ජීවත් විය නොහැකි බවත් ජන ජීවිත කඩා වැටී ජීවනෝපාය අහිමි වී උද්ධමනය වැඩි වී බඩු මිල වැඩි වී ඇති බවත් හාල් පොල් කිරිපිටි මිල පවා ඉහළ ගොස් ඇති මොහොතක ලුණු ටිකවත් මේ රජයට දී ගන්න බැරි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනතාව ජීවත් කරවිම, රැක ගැනීම, ආරක්ෂා කිරිම රජයක වගකීම බවත් රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරවීම වුවත් මේ රජය යටතේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි වී ඇති බවත් කුසට අහරක් නොමැතිව ජනතාව අමාරුවෙන් දුෂ්කර ජීවිතයක් ගත කරන බවත් මේ දුෂ්කරතා අගහිගතා දුක කඳුළ වේදනාවට මේ රජයට විසදුම් හා උත්තර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ ජනතාව සමග පැවැති ජන හමුවකදීය

IMF කොන්දේසි යැයි පවසා විදුලි බිල ළගදිම වැඩි කරණ බවත් 25%-30% විදුලි බිල වැඩි වන බවත් රජය එකග වූ IMF කොන්දේසි අනුව එය කළත් වත්මන් ජනාධිපතිවරයා සහ රජය බිහි වූයේ IMF ගිවිසුම සංශෝධනය කරනවා යැයි වුවත් බලයට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයාගේ IMF ගිවිසුමම අනුගමනය කිරීම නිසා ජනතාව කරපිට අධික බරක් පටවා දැඩි පීඩනයක් ඇති කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවට ජනතා ගැටලුවලට විසදුම් දෙන්න නොහැකි වී ඇති බවත් අතට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වී බඩු මිල වැඩි වී ඇති බවත් වැඩ බැරි ආණ්ඩුවට මේවට විසදුම් නොමැති බවත් මෙවැනි තත්ත්වයක් උඩ වගකිවයුතු විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළාත් පාලන ආයතනවල බලය විපක්ෂය ගනු ඇතැයි සිතු ආණ්ඩුව දැන් තර්ජනය කරමින් විපක්ෂයේ සභා මාස 3-4ට සීමා කරන බවට පවසන බවත් රජය එසේ තර්ජනය කළත් හැකි සැම අවස්ථාවකම ජනතාව විපක්ෂයට වැඩි බලයක් ලබා දුන් තැන්වල බලය පිහිටුවන බවත් ජනතාව ශක්තිමත් කරවන සංවර්ධන යුගයක් ඒ හරහා නිර්මාණය කරණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති තනතුර, ආණ්ඩු බලය, 2/3 ⁣සමගි ජන බලවේගයට නොමැති වුවත් ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න උත්සාහ කරන බවත් මේ ගැටලුු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ඒ හරහා මේ ගැටලුවලට රජයේ අවධානය ලබා දෙන්න කටයුතු කරන බවත් ඊට අමතරව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ඉදිරිපත් කර එහ කමිටුවලද අවදානය යොමු කර විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොහෝ පුද්ගලයන් මැතිවරණ සමයේ පැමිණ බොරැ පොරොන්දු ලබා දී මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් පසු ඒවා අමතක කර දැමුවත් සමගි ජන බලවේගය සතුව එවැනි දේශපාලනයක් නොමැති බවත් ඉදිරි කාලයේ දී පවා මේ ගැටලු විසඳන්න උපරිම කැපවෙන බවත් සීමසහිත බලයක් සහිතව වුවත් මේ ගැටලුවලට විසදුම් ලබා දෙන්න නායකත්වය ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here