කොළඹ නගර සභාව පෙර පාසල් ගුරු වැටුප 10,000කින්, ඉහළ දමයි – Saru News | සිංහල

0
12

මෙවර (2026) කොළඹ නගර සභාවේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින් නගර සභාව විසින් පාලනය කරගෙන යනු ලබන පෙර පාසල්වල ගුරුවරුන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ඊට එම නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතියද හිමිව ඇති අතර එම අනුමැතිය අනුව පෙර පාසල් ගුරුවරයකුගේ වැටුප රුපියල් 30,000ක් දක්වා ඉහළ දමා ඇත.

පෙර පාසල් ගුරුවරුන්ට ඉහළ දැමූ වැටුප ලබන පෙබරවාරි මස සිට හිමිවන බවත් ඊට අමතරව කොළඹ නගර සභා සීමාවේ සියලුම ආගම්වල ලියාපදිංචි දහම් පාසල්වල දරුවකුගේ උදෑසන ආහාර වේලක් සඳහා පැවැති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා රුපියල් 40කින් ඉහළ දැමීමට 2026 නගර සභා අයවැය මගින් කර තිබු යෝනාවටද මුදල් කමිටුවේ අනුමැතිය හිමිව ඇත.


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here