කොළඹ තැන් දෙකක වෙඩි

0
8

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රී යේ වෙඩි තැබීමක් සිඳුව තිබේ . රාත්‍රී 12.00ට පමණ ආසන්නව සිදුවූ මෙම වෙඩිතැබීමෙන් තරුණයෙක් මියගොස් ඇත .

මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර තිබේ .

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ . වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇතැයි පොලීසිය සැක පළ කර තිබේ .

එමෙන්ම , මරදාන , පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ ,
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ව්වාදී දුරටත් වාර්තා වේ .

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here