කොළඹ ජාතික රෝහලට AI භාවිතා කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් MRIයන්ත්‍රයක්… – Saru News | සිංහල

0
2

කොළඹ, ජාතික රෝහලේ රුපියල් මිලියන 450කට අධික මුදලකින් ස්ථාපිත කරන ලද කෘතිම බුද්ධිය (AI) භාවිතා කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් MRI යන්ත්‍රය අද (09) පස්වරුවේ රෝගී සත්කාර සේවාවන් සඳහා එක්කරනු ලැබීය.

එම අවස්තාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සද එක් වී සිටියහ.

සෞඛ්‍ය අති නවීන තාක්ෂණයෙන් යුත් මෙවැනි MRI යන්ත්‍රයක් රජයේ රෝහලක ස්ථාපිත කළ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු හා ස්නායු ශල්‍ය අංශවල ප්‍රතිකාර සේවාවන් වඩාත් විධිමත්ව සිදුකිරීමේ අරමුණින් මෙම යන්ත්‍රය ස්ථාපිත කෙරිණි.

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති MRI ස්කෑන් යන්ත්‍ර (Magnetic Resonance Imaging) 03 පසුගිය කාලය තුළ වරින්වර අක්‍රීය තත්වයන්ට පත් වීම හේතුවෙන් රෝගී සත්කාරක සේවා ලබාගැනීමට පැමිණි ජනතාව අපහසුතාවයට පත් විය.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 03ම සක්‍රීයව රෝගී සත්කාර සේවා සඳහා භාවිත කරන අතර ඊට අමතරව මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් MRI ස්කෑන් යන්ත්‍රය අද දින ස්ථාපිත කෙරිණි. ඒ අනුව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ MRIයන්ත්‍ර 04ක් ක්‍රියාත්මකය. ඒ හේතුවෙන් රෝගී සත්කාරක සේවා සඳහා වන MRIපරීක්ෂණ සිව් ගුණකින් පහණ ඉහළ යනු ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, හදිසි අනතුරු සහ සහ ස්නායු ශල්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


4

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here