කොළඹ කොටස් වෙළඳපොල අදත් පල්ලම් බහී. දින දෙකට ASPI ඒකක 634 කින් පහළට

0
11


අද (අප්‍රේල් 04) දිනයේදීත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද දිනයේ ගනුදෙනු අවසන් වෙද්දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 284.25කින් පහළ ගොස් ඒකක 15,373.35ක් ලෙස සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 101.61කින් පහළ ගොස් ඒකක 4,541.71ක් ලෙස සටහන්ව තිබුණි.

පෙරේදා (02) දිනයේදී සියලු කොටස් මිල දර්ශකය නැවතත් ඒකක 16,000 ඉක්මවා ගොස් තිබුණු අතර මේ පසුබෑම උද්ගතව තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරුබද්දක් පනවන බව ඊයේ (03) උදෑසන ප්‍රකාශයට පත් කළ පසුබිමක ය. ඊයේ සහ අද යන දෙදින තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 634.09ක පහළ බැසීමක් වාර්තා කර ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here