කොළඹ උද්ධමනය වැඩි වෙයි

0
2

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එය 2025 අගෝස්තු මාසය සඳහා 1.2%ක් ලෙස වාර්තා වී තිබුණි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, 2025  සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  2.9% දක්වා වැඩි වී ඇති අතර 2025 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 2.0%ක් ලෙසය.

එමෙන්ම,  2025 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  0.7% ක් දක්වා අඩු වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here