කොළඹ අවට, බජට් එකට සරිලන, දෙන්නට නිදහසේ ගිහින් එන්න පුළුවන් ගෙස්ට් හවුස් කීපයක්!

0
13


ඔය පවුල් පංසල් වෙලා ඉන්න උදවියටත්, පවුල් පංසල් වෙන්න ඉන්න උදවියටත්, පවුල් පංසල් වෙන්න නොහිතුවත් මේ මොහොතේ ආදරෙන් හරි කෑදරෙන් හරි වෙලිලා ඉන්න උදවියටත් කොයි මොහොතක හරි දෙන්නත් එක්ක ගිහින් පොඩ්ඩක් නිදහසේ ඉන්න, කථා කරමින් ඉන්න, පෙම් සුව විඳින්න එහෙම නිදහස්, ආරක්ෂිත තැනකට යන්න වුවමනා වෙනවනේ. ඒ නැතත් දෙන්නත් එක්ක කොහේ හරි ගියපු වෙලාවකට වුනත්, යන්න ඉන්න වෙලාවකට වුනත් රාත්‍රිය ගත කරන්න තැනක් අවශ්‍ය වෙනවා. ආන්න ඒ වගේ මොහොතකට වැදගත් වෙන, කොළඹ අවට තියෙන, බජට් එකට සෙට් වෙන, නිදහස් ගෙස්ට් හවුස් කීපයක් තමයි මේ.

 

1. Mahasen Terrace by Foozoo

හයිලෙවල් පාරෙන් තිඹිරිගස්යාය පාරට දාලා, ටිකක් දුර ගිහින් තියෙන මහසෙන් මාවතෙන් හැරිලා ගියාට පස්සේ මහසෙන් ටෙරස් එක මුණගැහෙනවා. ඇත්තටම කාර්‍යබහුල නගරෙ මැද්දෑවේ මේ වගේ තැනක් තියෙනවා කියලා හිතන්න බැරි තරම් මේ හරියේ ගස් කොළන් එහෙමත් තියෙනවා. මේ මහසෙන් ටෙරස් එකේ බොහොම සුඛෝපභෝගී පෙනුමට තියෙන ඩිලක්ස් ඩබල් රූම් එකක් ගන්න පුළුවන් රුපියල් 4,500ක් වගේ වෙනකොට. මේ රූම් වලට නගරය දිහා බලන්න පුළුවන් බැල්කනියකුත් තියෙනවා.  ඊට අමතරව ටීවී, ඒසී අනං මනං හැම පහසුකමක්මත් තියෙනවා.

තැන: 

2. Siebel Court

කිරුළපන සීබල ඇවනියු කියන්නෙත් කාර්‍යාබහුල ජනාකීර්ණ පරිසරයෙන් පොඩ්ඩක් නිදහසේ හුස්ම ගන්න පුළුවන් රෙසිඩෙන්ස් ඒරියාස් තියෙන පැත්තක්. මේ සීබල් කෝට් කියන්නෙත් එහෙම පැත්තක තියෙන නිස්කලංක B&B එකක් නැතිනම් බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් එකක්. මෙතන රුපියල් 3,500 කටත් අඩුවෙන් ඩබල් රූම් එකක් හරි ට්වින් රූම් එකක් හරි ගන්න පුළුවන්. මෙතන ටිකක් පරණ තාලේ ගෘහ අලංකරණයන් එල්ලා තියෙන නවීන තැනක්. විශේෂයෙන්ම ඇහැටත් ප්‍රිය විදියට විවිධ පාට වලින් සරසලා තියෙන්නේ. රූම් එකට බැල්කනි එකකුත් තියෙනවා. ඒසී ඇතුළු අනෙක් හැම පහසුකමක්මත් තියෙනවා.

තැන: 

3. Drop Inn

පිටින් බැලුවහම සාමාන්‍ය B&B එකක් වගේ පේන මේ ඩ්‍රොප් ඉන් එකට ඇතුළු වුනහම කෙනෙක්ට එතන තියෙන නිස්කලංක ගතිය දැනෙනවා. පොඩි පොකුණක් මැදිකරගත් පුංචි උද්‍යානයක් එක්ක තියෙන මැද මිදුල සහ එතන තියෙන ලී බංකු, හවස් වරුවක වාඩි වෙලා පොතක් කියවන්න අපූරුයි. මෙතන කාමරත් සුවපහසුයි වගේම පහසුකම වලින් අනූනයි. ඒසී, බැල්කනි එකක් ඇතුළු පහසුකම් හැම දෙයක්ම තියෙන බජට් ඩබල් රූම් එකක් ගන්න පුළුවන් රුපියල් 3,600කට අඩුවෙන්. ඒ වගේම ගාණකට දෙන්නෙක්ට ඉන්න පුළුවන් ට්‍රිප්ල් රූම් එකක් වුනත් ගන්න පුළුවන්.

තැන: 

 

4. Avondale Colombo

කොළඹ නගරයේ හදවතෙන් පොඩ්ඩක් එහාට වෙන්න, මහරගම හරියේ පිහිටලා තියෙන ඇවොන්ඩේල් කොලොම්බෝ ගෙස්ට් එක බැලූ බැල්මට නවීන සුවපහසුකම් වලින් සපිරි ගෙයක් වගේ. විසිත්ත කාමරේ තියෙන විවේක ගන්නම උචිත සුවපහසු සෝපා, ටීවී බලන්න තියෙන සුවපහසු පුටු වගේම නවීන මුළුතැන්ගෙය සහ කෑම කාමරයත් ඒ ගෙදර ඉන්නවා වගේ හැඟීම තීව්‍ර කරනවා. එතකොට කාමර වුනත් පහසුකම් වලින් අනූනයි වගේම බොහොම සුවපහසුයි. ඒ වගේම ලඟපාතම වැවත් තියෙනවා කියන එක අමතක කරන්න නරකයි.  මෙතන රුපියල් 4,000කට අඩුවෙන් දෙන්නෙක්ට ඉන්න පුළුවන් ඒසී තියෙන කින්ග් රූම් එකක් ගන්න හැකියි.

තැන: 

5. motelVIP

කිරුලපන ඇලත් එක්ක තියෙන ප්‍රදේශය අපිට ඒ තරම් හොඳ හැඟීමක් නෙවෙයි ඇති කරන්නේ. අනික ඒක බොහොම ජනාකීර්ණ, කොළ පාටක් අහළක නැති වියළි ප්‍රදේශයක් කියන එකත් අමතක කරන්න බෑ. එහෙම පරිසරයක තියෙන මේ motelVIP එකට ගොඩවැදිලම බලන්න ඕන. ඇතුළට ගියහම ඒක වෙනමම ලෝකයක් වගේ. අතිශයින්ම සුවපහසු කාමර වල තරු හෝටලයක වගේම හැම පහසුකමක්ම තියෙනවා. ඇතුළු වුණු තැන ඉඳන් හැමදෙයක්ම අතිශයින්ම ප්‍රියමනාපයි. හැබැයි ඒ නිසාම මේ අයගේ රූම් පට් පට් ගාලා යනවා. අන්න ඒ නිසා ගොඩක් වෙලාවට මෙතන රූම් එකක් හොයාගන්න ලක් එකත් තියෙන්න ඕන. රුපියල් 4,500කට අඩුවෙන් මෙතනින් තැනක් ගන්න පුළුවන්.

තැන: 

6. Mrs Pepperpots

විහාරමහාදේවි, නෙළුම් පොකුණ පහුකරලා යන ඒ අවට කොතැන වුනත් කොයි තරම් ජනාකීර්ණ පරිසරයක් වුනත් අමුතු නිස්කලංක ගතියකුත් නැතුවා නෙවෙයි. ඒකට ගොඩක් වෙලාවට හේතුව වෙන්න පුළුවන් මේ පැත්ත කොළඹ හදවත මධ්‍යයේ වුනත් කොළ පාට පේන්න ගස් කොළං එක්ක තිබීම. ඉතින් ඔන්න ඔය ආසන්නයේ තමයි මිසිස් පෙපර්පොට්ස්ගේ ගෙස්ට් හවුස් එක තියෙන්නේ. එතනට ගොඩවැදුණු ගමන්ම දෙවෙනි ගෙදරකට ආවා වගේ බොහොම උණුසුම්, හුරුපුරුදු ගතියක් දැනෙනවා. ඒ වගේම කාමර වලත් පහසුකම් වගේම ඒ සුවපහසුව නොඅඩුව තියෙනවා. රුපියල් 5,000කට අඩුවෙන් පොදුවේ පාවිච්චි කරන බාත් රූම් එකක් එක්ක ක්වීන් රූම් එකක් ගන්න පුළුවන්. ඊට ටිකක් වැඩියෙන් වියදම් ක​ළොත්, උද්‍යානයට මුහුණ ලා තියෙන ඒසී රූම් එකක් සහ බාත් රූම් එකක් සහිත කින්ග් රූම් එකක් ගන්න පුළුවන්.

තැන:

The post කොළඹ අවට, බජට් එකට සරිලන, දෙන්නට නිදහසේ ගිහින් එන්න පුළුවන් ගෙස්ට් හවුස් කීපයක්! appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here