කොහුවල චීන ජාතික කාන්තා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට!

0
3

රෂිකා හෙන්නායක අප්‍රේල් 06, කොළඹ LNW :

2026 මාර්තු මස කොහුවල ප්‍රදේශයේදී සිදු වූ චීන ජාතික කාන්තාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදී මෙම 26 හැවිරිදි චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී කැමරා උපකරණ සහ අයිස් මත්ද්‍රව්‍ය කිහිපයක් ද සොයාගත් බව වාර්තා වේ.

මියගිය කාන්තාව කුලී පදනම මත රැඳී සිටි නිවාස සංකීර්ණයකදී ඇයට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි විය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

The post කොහුවල චීන ජාතික කාන්තා ඝාතනයේ සැකකරු අත්අඩංගුවට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here