කොහිල වළකට වැටී පුද්ගලයෙකු මරුට

0
11


මිල්ලනිය, කිම්මන්තුඩාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කොහිල වළකට වැටී මියගොස් ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්වී ඇත්තේ සුමනජෝති පුර, කිම්මන්තුඩාව බණ්ඩාරගම ලිපිනයේ පදිංචි  67 හැවිරිදි, ආරියපාල නැමති පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා සිය බාල සහෝදරයාගේ නිවසට යාබද තාවකාලික නිවසක පදිංචිවී සිට ඇති අතර පසුගිය දින රාත්‍රී නිවසට නොපැමිණීම හේතුවෙන් සහෝදරයා විසින් ඊයේ (26) දහවල් අවට ප්‍රදේශය සෝදිසි කර තිබුණි.

එහිදී නිවසට යාබදව ඇති කොහිල කොටුව ආසන්නයේ තිබී කොහිල මිටියක් හමුවී තිබේ.

පසුව තවදුරටත සිදුකළ සෝදිසියේදී සහෝදරයාගේ මළසිරුර හමුවී ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here