කොස් වලින් ඩෙවල් එකක් හදමු..

0
2

ලංකාවේ අපිට කොස් කියන්නේ කොච්චර කෑවත් එපා නොවෙන කෑමක්. අපිට කිරි කොස් මාලුවයි, කොස් මැල්ලුමයි හැමදාම කන නිසා අද වෙනස් විදියට කොස් ඩෙවල් එකක් හදමු..

මුලින්ම කොස් ඩෙවල් එකට අවශ්‍ය විදියට කොස් පිළියෙළ කර ගන්න ඕන..

ඒ සඳහා අවශ්‍ය දේවල් තමයි මේ..

  • තම්බා පොඩි කර ගත් කොස්
  • කෑලි මිරිස්
  • ගම්මිරිස්
  • ලුණු
  • බිත්තරයක්
  • බේකින් පවුඩර් ටිකක්
  • පාන් පිටි
  • ඉඟුරු සුදු ළූණු රම්පෙ කරපිංචා

හදා ගන්න විදිය මෙහෙමයි..

  • කොස් තම්බලා හොදින් පොඩි කර ගන්න.
  • එයට ගම්මිරිස්, කෑලිමිරිස්, ලුනු, බිත්තරයක්, බේකින් පවුඩර් චුට්ටක් හා පාන් පිටි දමා හොදින් අනා ගෙන ගුලි සාදා ගැඹුරු තෙලේ බැද ගන්න.
  • ඩෙවල් හදන සුපුරුදු විදිහට ඉගුරු , සුදු ලූනු, රම්පේ, කරපන්චා තෙලට දමා එයට මාලූ මිරිස්, රට ලූණු දමා තක්කාලි සෝස් දමා ලිපෙන් බා ගන්න.
  • හරිම රස වෙනස් කෑමක් වගේම ඉල්ල ඉල්ල කන කෑමක්.

ඩෙවල් එක හැදුවේ කොස් වලින් ද කියලා හිතා ගන්න බැරි තරමට රස ඩෙවල් එකක් වේවි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here