පසුගිය මාස කිහිපය ලංකාව පමණක් නොව මුළු ලෝකයම උඩුයටිකුරු කළ බරපතල කාල සීමාවකි. චීනයෙන් ඇරඹි කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග බහුතරයක් රටවලට ඉන් සිදුවුණ පීඩාව සුළුපටු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්- 19 වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමත් සමග තත්ත්වය තවදුරටත් බරපතල එකක් විය.
ශීඝ්‍රව ව්‍යාප්ත වූ වෛරසය ලෝකය පුරා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි කරවමින් ඉදිරියට ඇදෙද්දී ඇස් පනාපිටම උදුරාගත් ජිවිත සංඛ්‍යාවද එසේ මෙසේ නොවිණ. මෙවන් බරපතල තත්ත්වයක් මත ලෝකය පුරා රටවල් බොහෝ ගණනක ඇඳිරි නීතිය පනවන්නට වූයේ වෛරසය ව්‍යාප්තිය පාලනයේ වෙන කළ හැකි කිසිවක් ඉතිරිව නොවුණු තැනය.
ලංකාවේ තත්ත්වයද එසේ වෙද්දී ජනතාව නිවෙස් තුළටම කොටු වූ කාලය මාස තුනකට ආසන්න විය. මතක ඇති කාලයකින් පවුලේ සියල්ලන්ම එකට එකතු වූ සතුටුදායකම කාලය මෙය බව බොහෝ දෙනෙකුගේ අදහසද විය. ආරම්භයේදී එය එසේ වුවත් දිනෙන් දන ගතව මාස ගණන් පසුවෙද්දී තත්ත්වය තරමක් වෙනස් විය. කාර්යබහුල දින චර්යාවකට පුරුදුව සිටි බොහෝ දෙනෙක්ට සියල්ලන්ටම මෙකී දීර්ඝ නිවාඩුව නැති ප්‍රශ්න ඇති කරවන්නක් විය.
ගෙදරදොර කටයුතු පාලනය ඔබට වෙනදාට වඩා තරමක සංකීර්ණ එකක් වූවාට සැක නැත. රැකියා කටයුතු අඩාල වීම මුල්‍යමය ප්‍රශ්න ඇතිකරවන්නට සමත්වන්නට ඇත. වෙනදා නොවිදි මෙම ඒකාකාරී ජීවිතය බොහෝ දෙනෙකුට තරමක සංකීර්ණ තත්ත්වයක් බවට පත්වද්දී ලොකුම ගැටලුවට මුහුණ දෙන්නට සිදුවූයේ කුඩා දරුවන් සිටිනා දෙමව්පියන්ටය.
උද්ගතව ඇති තත්ත්වය තේරුම් ගැනීමට ඔවුන්ගේ පුංචි මනසට හැකියාවක් නැත. ඔවුන්ට ඇති එකම බරපතල ප්‍රශ්නය වූයේ වෙනදා මෙන් නිදහසේ දුව පනිමින් එළියේ හැසිරෙන්නට අවස්ථාව නොලැබී නිවසේ සිරවී යාමයි. සමාජ දුරස්ථ භාවය ඔවුන්ට ගෝචර නොවන්නකි.
මේ නිසාම දරුවන්ගේ හැසිරීමේ වෙනස්කම් දෙමවුපිය ඔබ තුළ ඇති කරන්නට ඇත්තේ අමතර පීඩනයකි. දරුවන්ගේ හැසිරීම් වඩාත් අභියෝගාත්මක වන්නට ඇත්තේ ඔවුන්ගේ ආහාර ගැනීම සහ නිදාගැනීම වැනි චර්යාවන් තුළ වෙනදාට වඩා ව්‍යාකූල ස්වභාවයක් ඇති කරවමිනි. එබැවින් මතුව තිබෙන මෙම ජාතික ගැටලුව හමුවේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් වැඩිහිටි ඔබ තුළ මතුව පවතින දැඩි පීඩනයෙන් මිදීමටත්, දෙමව්පියන් ලෙස ඔබ වගකීම් සහගත විය යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව අවබෝධයක් ලබාදීම මෙහි මූලික අරමුණ වේ.
මෙම ඒකාකාරී ජීවිතය පිලිබඳ මැසිවිලි නැගීම වෙනුවට එම කාලය තමන් වෙනුවෙන් යොදා ගැනීමට සිත යොදවන්න. නාන කාමරය තුලදී ඔබට බොහොම නිදහසේ පස් වතාවක් ගැඹුරු දිග හුස්මක් ගෙන පිට කිරීම ඔබේ සිතට තරමක සහනකාරී හැඟීමක් ඇති කරවයි. තමන් කැමතිම ඇඳුම්වලින් සැරසෙන්න. තමන් කැමතිම උණුසුම් පානයක් නිදහසේ රසවිඳින්න. වෙනදා තමන් වෙනුවෙන් නොලැබුණ කාලය මේ මොහොතේ ලබා දෙන්න.
කිසිම මොහොතක පරිපුර්ණත්වය යනු සම්මතය නොවන බව මතක තබා ගන්න. විශේෂයෙන්ම මෙවැනි හදිසි තත්ත්වයකදී කිසිසේත්ම එවැනි තර්ක පිළිබඳ ඔබ කණගාටුවට පත්විය යුතු නොවේ. ඔබ ඔබේ දරුවා සමග හෝ නැතිව හෝ නියැලෙන කිසිම කාර්යකදී එය අතිශය සාර්ථක වීම මෙවැනි මොහොතක කිසිවෙකුට ප්‍රයෝගික නොවනු ඇත. එනිසා එය ප්‍රශස්ත මට්ටමකින් හැසිරවීමට උත්සහ ගන්න. ඒ පිලිබඳ සතුටු වන්න. මීළඟ අවස්ථාවෙන් වැඩි ප්‍රයෝජන ලබාගැනීමට හැකි බව අමතක නොකරන්න.
මෙම කාලය නිවසේ අලසව සිටීමට අකමැත්තෙන් දැඩි මහන්සියකින් සියල්ල එකවර අවසන් කිරීමට ලැබුණු කාලයක් බව වරදවා වටහා නොගන්න. ඔබට ඒවා සෙමින් අවසන් කිරීමට ඇතිතරම් කාලය ඇත. නිතර විනෝදාස්වාදයෙන්ම සිටීමද අවශ්‍යම නැත. එය ඔබට පහසු සරළ අයුරින් ඔබේ දරුවන් සමග හෝ නැතිව තරමක ව්වෙකයක් සහිතව ගත කරන්න. කම්මැලිකම යනු නිර්මාණශීලිතත්වයේ ආරම්භයයි. එනිසා හොඳින් හුස්ම ගනිමින් තරමක් අලස වීමට ඔබට ඉඩ දෙන්න.
පෙරකී ලෙසම සමාජ දුරස්ථභාවය ඔබට වඩා ඔබේ දරුවා තුළ තරමක ආතතියක් ඇතිකර ඇති බවට සැකයක් නොවේ. එනිසාම ඔවුන්ගේ දරාගත නොහැකි හැඟීම් සහ අභියෝගාත්මක හැසිරීම් ඔබේ දරුවාට පමණක් අවේණික නොවන බව සිහිතබාගන්න. ඒ පිලිබඳ කලබලයට පත් නොවන්න. ඒ ඔවුන්ගේ සන්නිවේදන ක්‍රමයයි. විටෙක ඔවුන්ගේ තොරතෝංචියක් නැති කතාබහ ඔබව විඩාවට පත්කරනවා වන්නට පුළුවන්. නමුත් ඔවුන් තෝරාගත් සැනසිලිකරුවා වීමට තරම් ඔබ ආරක්‍ෂිත යැයි සැළකූ නිසා ඔවුන් ඒවා ඔබ සමග බෙදා ගන්නා බව මතක තබා ගන්න. ඒ පිළිබඳව ආඩම්බර වන්න.
සොබාදහම මානසික ආතතියට හොඳ විසඳුමකි. එය සැබවින්ම අපට කළහැකි දේ තවදුරටත් පුළුල් කරමින් මනස විවෘත කිරීමෙහි සමත්ය.
එය සැකසූ පරිදි අකුරටම පිළිපැදීම කළ යුතු නොවේ. එමගින් ඔබගේ දෛනික දින චර්යාවේ නිශ්චිත භාවය ලිහිල් කරමින් යම් ගලායාමකට පහසු කරවන අතර ඊට යම් රිද්මයක් ඇති කරවයි. මෙහි කොටසක් ලෙස දවස ආරම්භයේ සහ අවසානයේ ඔබේ දරුවන් සමග විශාල වශයෙන් සම්බන්ධතාවයක් ඇති කරවන ක්‍රියාවන් ඇතුළත් කර දවස පුරා විසිරි යන පරිදි නිවසේ අනෙකුත් සම්බන්ධතා ඇතුළත් කරන්න.
ඔබේ මොළයේ ස්නායුවල රසායනික පරිසරය වෙනස් කිරීමට පහසුම හා වඩාත්ම ප්‍රවේශ වියහැකි ක්‍රමය මෙයයි. මෙවැනි ඒකාකාරී දිනකට ඔබ ඔබේ ශරීරය මිනිත්තු 30ක් චලනය කිරීමෙන් හෘද ස්පන්දනය ඉහළ නංවන අතර එය ඔබේ මොළයට ප්‍රීතිමත් රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ලබා දෙයි.
Saru FM Media