කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමටද පියවර ගෙන තිබෙනවා.
කොලොම්බියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ 2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කහ උණ රෝගීන් 75ක් වාර්තා වී ඇති අතර ඉන් 34ක්ම මියගොස් ඇති බවයි.
පවතින අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ඇති එරට නැගෙනහිර ටොලිමා පළාතටයි.
කහ උණ ආසාදිත මදුරු දෂ්ටනයෙන් මිනිසා වෙත සම්ප්‍රේෂණය කෙරෙන රෝගයකි.
Saru FM Media