කොල්ලන්ගෙ ටීම් එකටත් ගහපු ලංකාවෙ කෙල්ල එංගලන්ත කණ්ඩායමට

0
3

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 11, කොළඹ LNW:

මේ දිනවල ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම ඔස්ට්‍රෙලියාවේ සංචාරයක යෙදෙනවා.ඒ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමඟ පැවත්වෙන තුන් කොන් තරගාවලියට සහභාගි වීම සඳහායි.මේ තරගාවලිය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ ක්‍රීකට් වැඩ පිළිවෙල හරහා දායාද වුණ දක්ෂයන්ගේ නියෝජනය දැක ගන්නට ලැබීම නිසා මෙන්ම එංගලන්ත කණ්ඩායමේ සංයුතිය නිරීක්ෂණයේ දී ද වැදගත් වෙනවා.
පන්දු ඕවර් 50 තරගාවලියේ දී වීනස් වීරප්පුලිනම් ලාංකේය දෙමව්පිය යුවලකගේ දියණියක් එංගලන්තය නියෝජනය කළ ආකාරයටම විස්සය විස්ස තරගාවලියට ද මලීශා තෙන්නකෝන් නමින් ශ්‍රී ලංකා දියණියක් එංගලන්ත අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ඇතුළත් වී සිටිනවා. මලීෂගේ පියා එක්සත් රාජධානියේ ගුඩ්වින් සමාගමේ සේවය කරන ප්‍රසන්න බුද්ධික තෙන්නකෝන් වන අතර එංගලන්තයේ කීල් විශ්ව විද්‍යාලයේ තිලංක දර්ශි බණ්ඩාර මලීශා ගේ මවයි.

ස්ටැෆර්ඩ්ෂයර් හි ඇබොට්ෂොල්ම් පාසලේ සිසුවියක් වන දිනිති මලීෂා තෙන්නකෝන් වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ තරඟාවලි දෙකම ක්‍රීඩා කරන සමයේදී නෝර්තන් ස්ටාර්ස් ක්‍රිකට් සමාජ කාන්තා කණ්ඩායම මෙන්ම මොඩර්ෂෝල් සහ ඕල්ටන් ක්‍රිකට් සමාජ පිරිමි කණ්ඩායම නියෝජනය කිරීමේ දුර්ලභ අවස්ථාවත් උදා කරගෙන තිබෙනවා.
ස්ටැෆර්ඩ්ෂයර් ප්‍රාන්ත කාන්තා කණ්ඩායමට ද ඇය එක්ව සිටින අතර එහි ක්‍රීඩා කරන එකම ලාංකේය ක්‍රීඩිකාව වන්නේ ද මලීෂා යි.දැනටත් එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දැඩි අවධානයක් දිනා සිටින මලීෂා අනාගතයේදී ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා.

The post කොල්ලන්ගෙ ටීම් එකටත් ගහපු ලංකාවෙ කෙල්ල එංගලන්ත කණ්ඩායමට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here