කොල්ලකෑම් වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0
3

ගණේමුල්ලේ දී , පසුගිය 20 වැනිදා පුද්ගලයෙකුට පහරදී රුපියල් ලක්ෂ 60 ක්පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු 20ඊයේ (27) කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ ගැන සිදු කරන ලද විමර්ශනයක ට අදාලව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් මෙම මෙහෙයුම සිඳු කර තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 සහ 20 වයස් වල පසුවන කැන්දලියද්දපාලුව, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් කොල්ලකන ලද රන් භාණ්ඩ උණු කර සකස් කරන ලද ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 350 ක් සහ ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 15 ක් බර රන් කැබලි දෙකක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here