කොල්ලකෑමට සම්බන්ද පුද්ගලයෙකු වසර කිහිපයකට පසු අත්අඩංගුවට

0
2


දිවයිනේ විවිධ ප්‍රදේශවල කෝටි ගණනක් වටිනා දේපළ කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. 2020 වසරේ දොම්පේ ප්‍රදේශයේ සිදු වූ දේපළ කොල්ලකෑමකට අදාළවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

අත්අඩංගුවට ගත් එම සැකකරු තලංගම, පිළියන්දල, ගම්පහ සහ හක්මන යන ප්‍රදේශවලද දේපළ කොල්ලකෑම්වලට සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. 

අත්අඩංගුවට ගත් සැකකරු 40 හැවිරිදි බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු දොම්පේ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 65කට ආසන්න වටිනාකමක් ඇති රත්‍රං භාණ්ඩ කොල්ල කා තිබෙනවා. 

වලස්මුල්ල ප්‍රදේශයේ කෝටි 07කට අධික වටිනාකමින් යුත් නිවසක්ද ඔහු තනා ඇති බවයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

තලංගම සහ හෝමාගම ප්‍රදේශවල සිදුවී ඇති කොල්ලකෑම් කිහිපයක්ම සැකකරුගේ මෙයෙවීම මත සිදුව තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව තංගල්ල, ඇඹිලිපිටිය, හොරණ, මතුගම, කළුතර, මහර, අලුත්කඩේ, කඩුවෙල සහ කැස්බෑව යන අධිකරණවල නඩු විභාගවෙමින් පවතින බවයි කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here