කොරියානු කාන්තාවන් මෙන් සුන්දර පැහැපත් සමක් ලබා ගන්න කළ යුතු සත්කාරයක්

0
12


කොරියානු කාන්තාවන්ට ඉතාම සුන්දර පෙනුමක් තිබෙනවා .කොරියානු කාන්තාවන් වයස අවුරුදු 50 දීත් අවුරුදු 30 ක් විතර බාල ලෙස පෙනෙනවා. එවගේම ඔවුන්ගේ සම ඉතාමත් නිරෝගී හා දීප්තිමත්.ඒ නිසාවෙන් අපේ කාන්තාවන් හුග දෙනෙක් කොරියානු කාන්තාවන් සිදු කරන රූපලාවන්‍ය කටයුතු ගැන දැනගැනීමට විශේෂයෙන් උනන්දුවක් දක්වනවා.ඉතිං අද අපි ඔබට කියලා දෙන්නේ කොරියානු කතුන් සම ලස්සන කර ගන්න සිදු කරන විශේෂ සත්කාරයක් ගැන.

මෙයට සහල් පිටි භාවිතා කරන්නෙ හාල් පිටි සතුව ස්වභාවික bleaching එකක් තිබීම හේතුවෙන්.අපේ කාන්තාවන් පහසුව නිසා වෙළඳපොලේ පවතින කෘතීම bleaching භාවිතා කරන්න යොමු වී සිටිනවා.එය ඉතාම අනතුරුදායක බව දැනටමත් ඔබ දන්නවා ඇති.ඒ නිසාමයි ස්වභාවික දේවල් වෙත අපි යොමු විය යුත්තේ.

අවශ්‍ය ද්‍රව්‍ය

සහල් පිටි

Fresh Milk

සිදු කරන ආකාරය

සහල් පිටි අවශ්‍ය ප්‍රමාණයට රැගෙන එයට Fresh Milk දමා හොඳින් කලවම් කර ගන්න

පසුව brush එකක් අධාරයෙන් හොඳින් මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න

විනාඩි 45ක් පමණ මුහුණේ තිබෙන්න හැර සෝදා ඉවත් කරන්න

මෙම හාල් පිටි සත්කාරය හරහා කොරියානු යුවතියන්ගේ මෙන් ඉතා පැහැපත් , පැහැදිලි සමක් ,ලස්සන සමක් ඔබට ලබා ගන්න හැකි වෙනවා .

සැලකිය යුතුයි

මෙම සත්කාරය කිරීමට පෙර මුහුණ සහ බෙල්ල හොඳින් පිරිසිදු කර ගත යුතුයි.

සතියකට දෙවරක් හෝ තෙවරක් මෙම සත්කාරය සිදු කරන්න

මෙම සත්කාරය සිදු කරන ගමන් හොඳ පළතුරු සහ එළවලු ආහාරයට ගැනීම ඉතාම වැදගත් වනවා .එමෙන්ම සහල් පිටි සත්කාරය සිදු කරන ගමන් ව්‍යායාමවල නිසි පරිදි නිරත වීම, ජලය වැඩියෙන් පානය කිරීම සහ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගෙන යාම කෙරෙහිත් කොරියානු කාන්තවන් විශාල අවධානයක් යොමු කර තිබෙනවා.

ඒ නිසාවෙන් කොරියානු කාන්ත්වන්ගේ මෙන් ලස්සන පැහැදිලි සමක් ලබා ගන්න මෙම සත්කාරය ඔබත් අදම කරන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here