බේරුවල මුහුදු තීරයේ විනාශ වී ගිය කොරල්පර නැවත රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා.
වසර ගණනාවක් තිස්සේ බේරුවල මුහුදු තීරයේ ඉතාමත් අලංකාරවත් ලෙස ස්වභාවධර්මයේ දායාදයක් ලෙස වැවී තිබූ කොරල්පර මේ වන විට විනාශ වී ගොස් එම කොරල්පර මියැදුණු කොරල් බවට පත්ව තිබෙනවා.
ඊට ප්‍රධානතම හේතුව ලෙස ස්වභාවික පාරිසරික බලපෑම්වලට අමතරව මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වූ තත්ත්වයක් බව දක්නට ලැබෙනවා.
විශේෂයෙන්ම ඇළ මාර්ග ඔස්සේ මුහුදු ජලයට කැලිකසල එකතු කිරීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් වල දෛනික කටයුතු හේතුවෙන් වසර ගණනාවක් පුරා ඉතා අලංකාරවත්ව පැවතී මෙම කොරල්පර බේරුවල මුහුදු තීරයෙන් මේ වන විට අතුරුදහන් වී තිබෙනවා.
මේ හේතුවෙන් එම විනාශ වී ගිය කොරල් පර නැවතත් රෝපණය කිරීමේ වැඩසටහනක් බේරුවල මුහුදු තීරයේදී පැවැත්වුණා.
මොරටුව විශ්ව විද්‍යාලය මේ සඳහා මූලික පියවර රැසක්ම ගෙන තිබුණු අතර එම කොරල් පර රෝපණය කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම තාක්ෂණික සහයද ඔවුන් විසින් ලබා දුන්නා.
මෙම විශේෂ කොරල් රෝපණය කිරීමේ වැඩසටහන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ උපදෙස් මතයි සිදුවුනේ.
Saru FM Media