කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් ලොක්කාගෙන් CIDට ප්‍රකාශයක්; තවත් ලොක්කෝ ඉදිරියේදී CIDයට

0
3

මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන කමර්ෂල් බැංකු මූලස්ථානයේ ඩිජිටල් බැංකු අංශයේ විධායක නිලධාරි ජනිඳු දේශාන් රණවක ද කොස්තා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

ඒ අදාළ බැංකුවේ තිබූ රුපියල් කෝටි ගණනක මුදලක් ඉතා සූක්ෂ්ම අයුරින් සංවිධානය වූ පිරිසක් විසින් කොල්ල කා, එම මුදල් තවත් බැංකු කිහිපයක ගිණුම් වෙත වංචනික අයුරින් යොමු කරවාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළවය.

අදාළ පෞද්ගලික බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ ඔස්සේ ගිණුම් හිමියන්ගේ තොරතුරු සූක්ෂ්ම අයුරින් ගෙන මෙලෙස රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර ඇති බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අන්තර්ජාල අවේක්ෂණ හා බුද්ධි ඒකකයේ නිලධාරීහු එලෙස ඔහුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඇති අතර වංචා කරන ලද මුදල් තවත් පෞද්ගලික බැංකු 04 ක සහ රාජ්‍ය බැංකුවක ගිණුම් වෙත වංචනික ලෙස යොමු කිරීම සම්බන්ධයෙන් ද මේවන විට පරීක්ෂණ පවත්වමින් තිබේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොමර්ෂල් බැංකුවේ ප්‍රධානීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

කෙසේවුවද, එම බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින අවස්ථාවේද එම බැංකුව විසින් සිය බැංකුවේ ඩිජිටල් ගනුදෙනු සුරක්ෂිත බවට නිවේදන නිකුත් කර තිබූ බව මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ධම්මික කොමර්ෂල් කොටස් හදිස්සියේ විකිණීම ගැටලුවක්?

කෙසේවුවද, එම බැංකුවේ සයිබර් පද්ධතියේ ඇතිවූ ගැටලුවලින් මසකට පමණ පසුව සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කොමර්ෂල් බැංකුවේ තම කොටස් රුපියල් බිලියන 5.5 ක් විකුණා දැමීමට කටයුතු කර තිබිණි.

වෙළඳපොළේදී කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස් මිලියන 26.55 ක් කොටසකට රුපියල් 195 බැගින් හුවමාරු 39 ක් හරහා මෙය සිදුව තිබිණි.

සමස්තයක් වශයෙන්, කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 29 ක් රුපියල් බිලියන 5.68 කට හුවමාරුව තිබිණි.

කොමර්ෂල් බැංකුවේ ඡන්ද හිමි කොටස අවසන් වූයේ රුපියල් 203.25 කින් වන අතර එය 3% කින් හෙවත් රුපියල් 6.25 කින් ඉහළ යාමක් බවද එකල සටන්ව තිබිණි.

කොමර්ෂල් බැංකුවෙ හි මෙම කොටස ධම්මික පෙරේරා මහතාගේ මූලික (strategic) ආයෝජන වලින් එකක් නොවන අතර, එය ඔහුගේ වෙළෙඳ (trading) ආයෝජන වලින් කොටසකි.

ජුනි මාසය අවසන් වන විට, ධම්මික පෙරේරා සතුව ඡන්ද හිමි කොටස් මිලියන 39,226,489 ක් තිබූ අතර එය 2.5% ක කොටස් ප්‍රමාණයක් වන අතර 11 වන විශාලතම කොටස් හිමියා ද ඔහු විය.

කසේවුවද, ඊට පෙර වසර අවසානයේ ධම්මික 8 වන විශාලතම කොටස් හිමිකරුවා වූ අතර එහි කොටස් ප්‍රමාණයෙන් 3.66% ක් වූ අතර එය ඡන්ද හිමි කොටස් මිලියන 55.2 කි.

කෙසේවුවද, ඔහු මෙසේ කොටස් විකුණා දැමීමත් මේ පද්ධතියේ ගැටලු හේතුවෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව වෙළඳ පොළ කතා බහට ලක්ව තිබේ.

කොමර්ෂල් ලොක්කෝ

කොමර්ෂල් බැංකුවේ සභාපති ලෙස ෂාරාන් මුහීසන් මහතා කටයුතු කරන අතර එහි නියෝජ්‍ය සභාපතිවරයා ලෙස රාජා සේනානායක මහතා කටයුතු කරයි.

සනත් මනතුංග මහතා එහි ප්‍රධාන විධායක නිලධාරියායි. ජූඩි ලී, තුෂාර විජේවර්ධන, සිවකුමාර් සෙල්ලයියා, එස්. ප්‍රභාගර්, නිමල් ප්‍රනාන්දු, පාලිත කුමාරසිංහ, යොහාන් පෙරේරා හා රොමනී ප්‍රකර්මා එහි අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරයි.

එම බැංකුවේ සමාගම් කළමනාකරු ලෙස ප්‍රමිත රාජපක්ෂ මහතා කටයුතු කරයි

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here