තමන්ට නියම වූ බරපතල වැඩ සහිත සිර දඬුවම නීතියට පටහැනි බව පවසමින් කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මහින්ද කුමාරසිරි සහ කොබෙයිගනේ විවිධ සේවා සමුපකාර සමිතියේ හිටපු සභාපති සිසිර කුමාර ඇතුළු පුද්ගලයන් 20 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ඔවුන්ට නියම කර ඇති බරපතල වැඩ සහිත සිර දඬුවම් තව දුරටත් තහවුරු වී ඇත.
2006 වසරේ මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වන දින නිකවැරටිය දැදුරු ඔයේ මහා පරිමාණයෙන් වැලි ජාවාරම් කරන බවට ලැබුණු තොරතුරකට අනුව දැදුරු ඔයේ වැලි ජාවාරම්කරුවන් අල්ලා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමකදී දැදුරුඔයේ නීතිවිරෝධී වැලි ජාවාරමක නිරතව සිටි පිරිසක් එවකට රස්නායකපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීරට බරපතල ලෙස පහරදී ඝාතනය කිරීමට උත්සාහ කර තිබිණි.
විත්තිකරුවන්ට දඬුවම් නියම වූයේ සිද්ධිය සිදුවී වසර 22කට පසුවය.
සවල්වලින් හා පොලුවලින් පහරදෙමින් සිදු කළ එම ම්ලේච්ච ප්‍රහාරයෙන් ආභාදිත වූ පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් දත් 11ක් කඩාදමා ඇසක් අන්ධ කර තිබිණි.
උක්ත දෙදෙනාට අමතර මෙහි සෙසු චූදිතයන් වන්නේ, පොහොට්ටු පක්ෂයේ ආධාරකරුවන් මෙන්ම එවකට ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ දේශපාලන ගෝලයන් වන කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ජීවන් සමන්සිරි, බුද්ධික ප්‍රසාද්, එස්.කේ සෙවන්ඩියා, නිලන්ත සමන් කුමාර, ප්‍රියන්ත කුමාර, නවින් සම්පත්, නිමල් සිරිවර්ධන, රන්ජන් රාමනායක, ජයලත්, සුජිත් කුමාර, නීල් රාමනායක, සුනිල් ප්‍රියන්ත, ලලිත් කුමාර, නිලන්ත සමරතුංග, අජන්ත සමරවිර, එස්.ඒ ලක්ෂ්මන්, අසංක ඉන්ද්‍රජිත් සහ අනිල් ක්‍රිෂාන්ත නමැත්තන්ටය.
මොවුන්ට එක් එක් චෝදනාවට වෙන් වෙන් වශයෙන් මාස 3 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර එම සිරදඬුවම් වසර 10කට අත්ටුවා තිබේ.
ආශ්‍රිත පුවත්
17
Saru News










