හිසකෙස් ගැලවී යාම ,කොන්ඩය තුනී වීම කියන්නේ කාන්තාවන් අතර බහුලව දකින්නට පුලුවන් ගැටලුවක්.එවැනි ගැටලු වලින් පීඩා විඳින ඔබටයි මේ ලිපිය.
නීරෝගී කෙස් කළඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. හැබැයි වර්තමානයේ කාන්තාවන් අතර බහුලව හිසකෙස් සම්බන්ධ ගැටලු අහන්නට දකින්නට ලැබෙනවා. මේවට හේතු වෙන්න පුලුවන් මොනවද සහ ඒවට ගන්න පුලුවන් විසඳුම් මොනවද කියලා අපි විමසා බලමු.
හිසකෙස් සිහින් වීමට වැරදි පුරුදු හෝ සෞඛ්‍යමය තත්වයන් බලපාන්න පුලුවන්. වෛද්‍ය විද්‍යාවට අනුව දිනකට හිසකෙස් 50 ත් 100 ත් අතර ප්‍රමාණයක් අහිමි වීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකෙනවා.
මෙහිදී හිසකෙස් වර්ණ ගැන්වීම ( Hair Colour ) , ස්ට්‍රේට් කිරීම ඇතුලු විවිධ විලාසිතා කිරිම ඇතුලත් වෙනවා. ඔබ හිසකෙස් වලට යම් විලාසිතාවක් කිරීමට පෙර ඒ සඳහා භාවිතා කරන නිශ්පාදන ප්‍රමිතියෙන් ඉහළ ඒවාදැයි සොයාබැලීම ගොඩක් වැදගත් වෙනවා.
ඔබ දිනපතා හෙයා ස්ප්‍රේ ( hair spray ) හෙයාජෙල් (hair gel ) වැනි කෙස් රළු කරන නිශ්පාදන ඔබේ හිසකෙස් සඳහා භාවිතා කරනවා නම් ඒ ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඇතැම් නිශ්පාදන වලින් ඔබේ හිසකෙස් වල ස්වභාවික පැහැය පවා අහිමිවිය හැකියි.
සමහර කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා දවස පුරාම කොන්ඩය තදින් ගැටගහගෙන ඉන්න. ඒ වගේම සමහර අය රාත්‍රියේ නින්දට යනකොටත් කොන්ඩය ගැටගහගෙන ඉන්නවා.මෙය ඔබේ හිසකෙස් වලට ඉතා අහිතකරයි වගේම හිසකෙස් කැඩී යාමට තදින් බලපාන හේතුවක් වෙනවා.
ඔබේ ආහාර වේලෙන් ඔබට ප්‍රමාණවත් යකඩ, ෆෝලික් අම්ලය සහ ඛනිජ ලවණ වැනි ස්වභාවිකව හිසකෙස් නිපදවීමට උපකාරී වෙන පෝෂණ කොටස් නොලැබීමත් ඔබට නීරෝගී කෙස් කළඹක් නොලැබීමට හේතු වෙනවා.
ආතති හෝමෝන කෙස්වල සිට වර්ධනය වීමට උත්සාහ කරන නව හිසකෙස් විනාශ කර දමන නිසා පාලනයකින් තොර ආතතියත් හිසකෙස් අහිමි වීමට හේතුවක් වෙනවා.
ඔබට සිහින් කෙස් කළඹක් හිමිවීම සමහර විට පාරම්පරික හේතු මතත් විය හැකිය.
ඔබ නෑමෙන් පසු තෙත කොන්ඩය පීරනවා නම් හිසකෙස් ගැලවී යාමට එයත් හේතුවක් විය හැකියි
ප්‍රමිතියකින් තොර ශැම්පු සහ කන්ඩිශනර් භාවිතය සහ කන්ඩිශනර් හිස් කබලෙහි තැවරීමත් හිසකෙස් සම්බන්ධ ගැටලු වලට හේතු වෙන්න පුලුවන්
ඔබ උශ්ණ අධික ආහාර ( තක්කාලි ,දැල්ලන් ,ඉස්සන් ) නිතර ආහාරයට ගන්නවා නම් ඔබේ එම උශ්ණය ඔබ හිස් කබලෙන් පිටවීම මගින් ඔබේ හිසකෙස් හැලී යා හැකිය.එම නිසා ඔබ එවැනි ආහාර ගන්නවා නම් ශරීරය සිසිල් කරන ආහාර පාන ලබා ගැනීමටත් වග බලා ගන්න.
හිස්කබල සම්භාහනය කිරීම ඔබට හිසකෙස් සඳහා කල හැකි පහසු සහ ලාභදායිම ප්‍රතිකාරයයි.
ඔබ ස්නානය කරන විට රුධිර ගමනය පහසු කිරීම සඳහා ඔබේ හිස්කබල ඔබේ ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස පීඩනයක් යොදමින් සම්භාහනය කරන්න.
මෙහිදී ඔබට නිවසේදීම සාදා ගන්නා තෙල් වර්ගයක් හෝ ආයුර්වේද ශාකසාර සහිත තෙල් භාවිතා කරන්න පුලුවන් .
අප විසින් ඔබට ගෙන ආ නිවසේදීම සාදා ගන්නට හැකි කරපිංචා තෙල් වුවත් ඔබට මේ සඳහා භාවිතා කරන්නට පුලුවන්
ඔබ යම් තෙල් වර්ගයක් භාවිතා කිරීමට සිතනවා නම් ඊට පෙර ඔබට එයින් යම් ආසාත්මිකතාවක් ඇතිවනවාදැයි පරික්ශා කරන්න
මෙවැනි ශැම්පු වර්ග වලින් ඔබේ හිසකෙස් වල ඝනත්වය වැඩි අර පෙන්වයි.සිහින් කෙස් කළඹක් හෝ අඩු පරිමාවකින් යුත් කෙස් කළඹක් හිමි අයට මෙවැනි ශැම්පු වර්ග ප්‍රයෝජනවත් වේ.
ඔබට යම් විටමින් ඌණතාවක් ඇත්නම් හිසකෙස් අහිමි විය හැකි බැවින් එවැනි ඌණතාවයක් ඇත් දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් ඔබ පරික්ශා අර ගත යුතුයි. එම උපදෙස් අනුව ඔබට හිසකෙස් වලට අවශ්‍ය හෝ හිසකෙස් සඳහා නිපදවූ විටමින් වර්ග භාවිතා කල හැකිය .
ෆෝලික් අම්ලය යනු නව සෛල උත්පාදනය සඳහා වැදගත් වන බී විටමින් වර්ගයකි. හිසකෙස් සිහින් වීම සම්බන්ධයෙන් ගත්විට, ෆෝලික් අම්ලය කෙස් කළඹේ නව කෙස් වර්ධනය කිරීමට උපකාරී වේ.
ඔබේ හිසකෙස් හැලෙනවා නම් ,ශක්තිමත් නොමැති නම් ඔබ අනිවාර්යයෙන්ම omega 3 fish oil ලබා ගත යුතු වෙනවා.
ඔබේ හිසකෙස් වල ඝණත්වය වැඩි කරගැනීම සඳහා හොඳම ඖෂධයන් ලෙස එඬරු තෙල් සහ තල තෙල් සැලකෙනවා.මින් ඔබ කැමති තෙල් වර්ගයක් ආලේප කර සම්භාහනය කිරීම මගින් හොඳ ප්‍රතිපල ලබාගන්න ඔබට පුලුවන්
හිසකෙස් වල ඝනත්වය වැඩි කර ගැනීම සඳහා ඔබට භාවිතා කල හැකි ස්වභාවික ද්‍රව්‍ය අතරින් පේර කොළ ,කොහොඹ කොළ සහ වෙරළු කොළ ප්‍රධාන තැනක් ගන්නවා.මින් ඔබට සොයාගැනීමට පහසු කොළ වර්ගයක් කොටා එහි ඉස්ම හිස්කබලේ ගල්වා සම්භාහනය කිරීම කල යුතු වෙනවා.
විනාකිරි මේස හැන්දකට වතුර මේස හැදි හතරක් කලවම් කර පුලුන් කැබැල්ලකින් ඔබේ හිස් කබලෙහි තවරන්න.එමගින් හිස් කබලෙහි ඇති කොරල වැනි තත්ව සහ හිස්හොරි ඉතා පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්
ඔබ ස්නානය කිරීමට පෙර පොල්තෙල් ස්වල්පයක් රත්කර එයට විටමින් ඊ කරලක් එකතු කර පුලුන් කැබැල්ලක් මගින් හිස් කබලෙහි තවරා සම්භාහනය කිරීම මගින් නිරෝගී කෙස් කළඹක් ලබාගන්න ඔබට පුලුවන්
තවදුරටත් ඔබ ඔබෙ හිසකෙස් පිළිබඳව බිය විය යුතු නැහැ. ඔබේ හිසකෙස් ගැලවී යාමට නිසි හේතුව සොයාගෙන මෙවැනි ප්‍රතිකාර ක්‍රම මගින් නීරෝගී කෙස් කළඹක් ලබාගන්න ඔබට පුලුවන්.
Saru FM Media