කොණ්ඩයට හානි නොකර හෙයාර් අයන් එකෙන් හිසකෙස් අයන් කරන්නේ මෙහෙමයි.

0
18


බොහෝ තරුණියන් කැමති කොණ්ඩයට විලාසිතා කරන්න, ඉතින් ඔවුන්ට ඒ සදහා නිතරම හෙයාර් අයන් එක පාවිච්චි කරනවා. නමුත් ඔබ නිතරම හෙයාර් අයන් එකක් පාවිච්චි කිරීමේදී මේ කරුනු ගැන සැලකිලිමත් නොවුනොත් ඔබේ කොණ්ඩයට හානි විය හැකි.
ඉතින් මේ ලිපියේ අරමුණ ඔබ සැලකිලිමත් විය යුතු ඒ කරුණු ගැන ඔබට මතක් කිරීමයි.

අතීතයේ පටන් ආසියාතික කාන්තාවන්ගේ ප්‍රතිරූපය වනුයේ රැලි සහිත කෙස් කලඹයි. නමුත් වර්තමානයේ දී බොහෝ දෙනා රැළි සහිත හිසකෙස් සෘජු කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී හෙයාර් අයන් එකෙන් කෙරෙන කාර්යය වන්නේ තාවකාලිකව කෙස් කලඹ straight කිරීමයි.

ඒ වගේම රීබොන්ඩිං, ස්ට්‍රේටිං, රිලැක්සිං යන permanent ක්‍රම මඟින් හිසකෙස්‌ දීර්ඝ කාලයක් සෘජුව තබා ගැනීමට හැකියි. මෙසේ කොණ්ඩය සකස් කිරීමේදිත් හෙයාර් අයන් එක යොදා ගන්නවා. ඔබ නිතරම කොණ්ඩයට විලාසිතා කරන කෙනෙක් නම් හොඳ ප්‍රමිතියෙන් යුතු hair iron එකක් මගින් අවශ්‍ය විටක හිසකෙස් තාවකාලිකව ඍජු කර ගත හැකියි.

Hair iron එකකින් තාවකාලිකව හිසකෙස් පහසුවෙන්ම සකසා ගත හැකි නිසා රැකියාවට යන යුවතියන්ට තාවකාලිකව කොණ්ඩය ස්ට්‍රේට් කර වෙනස් පෙනුමක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම උත්සව අවස්තාවකට වූවත් සැලොන් නොයාම නිවසේදීම ලස්සන හෙයාර් සෙටින් එකක් කර ගන්න පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here