සටහන – රුවන් නෙළුගොල්ල
ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ සංඛ්‍යා දත්ත වැරදි බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.
“මේ යෝජනාව ගත්තාම මට මතක් වුණේ අර “කොට හුඹහයි කොට මිනිහායි විශ්වාස කරන්න එපා” කියනවා වගේ තමයි මේ යෝජනාවම බොරුවක්. මොකද මේකෙ අන්තර්ගතයවත් තේරුමක් නැතිව තමයි ඉදිරිපත් කරලා තියෙන්නෙ. මොකද මේකෙ මුලින්ම තියෙනවා 2025/26 ගල් අඟුරු වාරය සඳහා ලක්විජය බලාගාරයට අවශ්‍ය වෙන මුළු ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 12.32 යි. සාමාන්‍යයෙන් වාර්ෂිකව මේකෙන් පහෙන් එකකටත් වැඩිය තමා ඕනෙ වෙන්නෙ. මේ බොරු මත පදනම් වෙලා, එතනින් තමයි පටන් අරන් තියෙන්නෙ මේක. මං දන්නෑ මේ ප්‍රශ්න ඇයි මේ සභාව නොමග යවන්න උත්සාහ කරන්නෙ කියලා. මේක පිළිගන්න බෑ. තනිකර මූලික අන්තර්ගතයවත් තමන් දන්නෑ කියන එක තමයි ඉදිරිපත් කරලා දැන් මෙතන ඇත්තෙත් නෑ කවුරුවත් අහන්නවත් නෑ. කවුරුහරි දෙන මොනවාහරි කුණු ගොඩක් ගෙනල්ලා මෙතන සභාව නොමග යවනවා”
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමිනි.
The post “කොට හුඹහයි කොට මිනිහායි විශ්වාස කරන්න එපා” – ගල් අඟුරු ගැන අහද්දී බලශක්ති ඇමති කියයි appeared first on LNW Sinhala.
Saru News
















