යුද සමයේදී මුලතිව් ඔට්ටිසුඩාන් ප්‍රදේශය බාරව සිටි කොටි නායකයා ජීවිතය කලකිරී 3 දා ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
මුලතිව්, ඔඩ්ටුසුඩාන්හි සිය පවුලේ අය සමඟ ජීවත් වූ 55 හැවිරිදි රාමපිල්ලෙයි කමලරාජා (මහේන්දි) ගේ මළ සිරුර ඔහුගේ නිවස ඉදිරිපිට කොස් ගසක එල්ලී තිබියදී හමු වී ඇත.
මෙම කොටි නායකයා ඉන්දියාවේදී අවි පුහුණුව ලැබීමෙන් පසුව වසර 11 කට වඩා වැඩි කාලයක් කොටි සංවිධානයේ සේවය කොට තිබේ.
පසුව අවසන් යුද සමයේදී ආරක්ෂක අංශ අත් අඩංගුවට පත් වූ මොහු රජයේ පුනරුත්ථාපන වැඩ සටහනෙන් පුනරුත්ථාපනය වී විදුලි කාර්මිකයෙකු හා පෙදරේරුවකු ලෙස සේවය කොට තිබේ.
කිසියම් හේතුවක් මත ජීවිතය ගැන කළ කිරුණු ඔහු ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
Saru FM Media