Monday, May 5, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් කොටහේන ෆ්ලැට් එකින් පැන මිය ගිය අම්ෂිකාගේ මාපියන් මාධ්‍ය හමුවක – රේප්...

කොටහේන ෆ්ලැට් එකින් පැන මිය ගිය අම්ෂිකාගේ මාපියන් මාධ්‍ය හමුවක – රේප් වුනාම ටියුෂන් සර් ප්‍රසිද්ධියේ විහිළු කරා

0
3


parents-of-amshika-who-died-after-jumping-from-kotahena-flat-hold-a-press-conference-tuition-sir-publicly-joked-about-her-being-raped

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයක 7 වන මහලෙන් පැන මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් නව තොරතුරු එළිදරව් වෙමින් පවතී. පසුගිය අප්‍රේල් 29 වන දින සිදුවූ මෙම සිදුවීම පිළිබඳව දැරියගේ මවුපියන් ඊයේ (4) වන දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විස්තර අනාවරණය කර ඇත.

කොටහේන, ගල්පොත්ත වීදියේ මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි දිල්ෂි අම්ෂිකා නමැති මෙම සිසුවිය, 7 වන මහලෙන් ඇද වැටී මහල් නිවාසය අසළින් ගමන් කරන මාර්ගයට පතිත වී බරපතල තුවාල ලැබූ  අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
මුලදී පොලිසිය විසින් වාර්තා කර තිබුණේ දැරිය කොටහේන ප්‍රදේශයේ පාසැලකට ඇතුළත් කිරීම හේතුවෙන් යම් සිත් තැවුලකට පත්ව සිටි බවත්, ඒ සඳහා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබූ බවත්ය. කෙසේ වුවත්, දැරියගේ මවුපියන් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ දියණියට කිසිදු මානසික රෝගයක් නොතිබූ බවයි.


ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සිදුවීම පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් කළේය. ඒ අනුව, මෙම සිසුවිය කොටහේන රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි අතර, ඇයට ලිංගික හිංසනයක් සිදුවී ඇති බව දෙමව්පියන්ට දැනුම් දීමෙන් පසුව, වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව බම්බලපිටිය පොලිසිය විසින් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර තිබුණි.

“මෙම සිදුවීම 2023 ඔක්තෝබර් 10 දිනට පෙර සිදුවී තිබෙනවා, පාසැල විසින් අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ. ඒ වෙනුවට, දැරිය මානසික අබාධයකින් පෙළෙන බවට සමාජ මතයක් ගොඩනංවා තිබෙනවා, ඇය පසුව කොටහේන ගුඩ් ෂෙපඩ් පාසල වෙත අධ්‍යාපනය සඳහා යොමු කර ලා,” යනුවෙන් ස්ටාලින් මහතා පැවසීය.

දැරියගේ මවුපියන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළිදරව් කළේ, ඔවුන්ගේ දියණියට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදුවූයේ පාසැලේ සිදුවූ පැරණි සිද්ධිය උපකාරක පන්තියක දී  උපහාසයෙන් විමසීම හේතුවෙන් බවයි.

‘තමන්ට කරදර කරපු අයට වඩා, තමන්ව සමාජය පිළිකුල් කරන තත්ත්වයට පත්වීම නිසා, පාසල් යන්නේ නැහැ කියලා ඇය කිව්වා. අපිට පුළුවන් දේ අපි ඇයට කළා. ඇයව ඒ තත්ත්වයෙන් ගොඩ ගන්න අපි මහන්සි වුණා. මගේ දරුවාට උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. කවුරුවත් කතා කළේත් නැහැ. ඇයට සිදුවූ මරණය වගේ තවත් දරුවෙකුට සිදු නොවිය යුතුයි.
අම්මේ, මට වුණ දේ වෙන පාසල් දරුවෙකුට වෙන්න එපා” කියලා ඇය මුල ඉඳලම කිව්වා.
පෞද්ගලික පන්ති කාමරයක දී ඇයව නැගිට්ටවලා සියලු දෙනා ඉදිරියේ අවමන් කළා. ඒ නිසා තමයි ඇය වැරදි තීරණයක් අරන් දිවි හානි කර ගත්තේ. මේ සිද්ධියට සාධාරණයක් ලැබෙන්න ඕනෑ,”

යැයි සිසුවියගේ මව පැවසුවාය.
ලංකා ගුරු සංගමය අනුව, උපකාරක පන්තියේදී උපකාරක ගුරුවරයා විසින් මෙම දැරිය අනෙකුත් දරුවන් ඉදිරියේ උපහාසයට ලක් කිරීම නිසා ඇය නැවත මානසිකව පීඩාවට පත් වී ඇත. මෙම සිත් තැවුල හේතුවෙන්, දැරිය කොටහේන නිවාස සංකීර්ණයේ 7 වන මහලින් පැන සිය දිවි නසාගෙන ඇත.
ස්ටාලින් මහතා සඳහන් කළේ දැරිය මානසිකව ඇද වැටීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත්, කාන්තා රෝහලේ වෛද්‍යවරියක විසින් ඒ සම්බන්ධයෙන් වාර්තාවක්ද ලබා දී ඇති බවත්ය.
“රෝහල් ක්‍රියාමාර්ග ගත්තත්, නීතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳව කිසිදු පියවරක් ගෙන නැත,” යැයි ඔහු අවධාරණය කරන ලදී.
ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනා එල්ල කරමින්, මෙම ලිංගික හිංසනය හේතුවෙන් සිදුවූ සිත්තැවුල නිසා දැරිය සිය දිවි හානි කරගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගත් පියවර කුමක්ද යන්න විමසා සිටී.

“දිල්ෂි අම්ෂිකාගේ මරණය කනගාටුදායක සිද්ධියක්. දිල්ෂි අම්ෂිකාට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් යුක්තිය ඉල්ලා ක්‍රියා කළා. අවසානයේ දී සිසුවිය පාසලෙන් ඉවත් කර වෙනත් පාසලකට මාරු කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාසල් මට්ටමින් නිසි පියවරක් නොගැනීම දෙමාපියන්ගේ චෝදනාවයි
සංඛ්‍යා ලේඛන අරගෙන බැලුවාම, පාසල් වයසේ දරුවන් සිය දිවි හානි කරගැනීම්, ඒ සඳහා උත්සාහ කළ අවස්ථාවන්, උත්සාහ කර දිවි ගලවා ගත් දරුවන් ගණනාවක් සිටිනවා. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර කුමක්ද?”

යැයි ස්ටාලින් මහතා ප්‍රශ්න කළේය.
පසුගිය දිනවල විශ්ව විද්‍යාල සිසුවෙකුද සිය දිවි හානි කරගත් බව සඳහන් කරමින්, මෙවැනි සිදුවීම් පිළිබඳව සවිස්තරාත්මක සොයා බැලීමක් සිදු විය යුතු බව ඔහු අවධාරණය කරන ලදී.

gossiplanka image 2


gossiplanka image 3



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here