කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ අන්තෝනි දේවස්ථානය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ

0
8


කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ අන්තෝනි දේවස්ථානය දක්වා පැවැත්වීමට නියමිත  විශේෂ දේව මෙහෙය සහ පාගමන  සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ කොටහේන පොලිස් වසමේ පිහිටි කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට වෙරළබඩ පොලිස් වසමේ පිහිටි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් පවත්වා අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සැලැසුම් කර ඇති බැවින් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ කර බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදිය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව එදින උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ පහත මාර්ගයන් තාවකාලිකව වසා තැබීම සිදු කරන බැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වසා තැබෙන මාර්ගය දැක්වෙන නිවේදනය පහතින් 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here