2025 අප්‍රේල් 29 වැනි දා 15 හැවිරිදි දැරියක් මහල් නිවසකින් බිමට පැන සියදිවි නසාගෙන ඇති බවත් මෙම දැරිය පාසල තුළ දී ලිංගික අපයෝජනයට ලක්වීම තුළ එම දැරිය එම පාසල වෙනස් කර ගත්තත් උපකාරක පන්තියකට සහභාගීවන මොහොතේ එම උපකාරක පන්ති ගුරුවරයා විසින් එම දැරියට සිදු වූ ලිංගික අපයෝජනය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම නිසා ඇති වූ මානසික පීඩනය නිසා ඇය සියදිවි නසා ගත් බවට වාර්තා වෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙම අපයෝජනය 2024 ඔක්තෝබර් 23 සිදුව ඇති නමුත් 2025 මැයි 8 වැනිදා එම අපයෝජනය සිදු කළ ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බවත් පාසල් දැරියක් මෙවැනි අපයෝජනයට ලක්වීම ගැන පොලිසිය සහ ළමා ආරක්ෂක අධිකාරිය පවා හරියාකාරව දැනුවත්ව නැති බැවින් නිසි ක්‍රමවේදයක් හෝ අලුත් වැඩපිළිවෙළක් සකස් කර අපයෝජන, දූෂණ ක්‍රියාවලට ලක්වන දැරියන්ට සහනයක් ලබා දීමට මෙන්ම මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී මෙම සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.
ගිය වසරේ මෙය අපයෝජනය සිදුවූ අවස්ථාවේ අදාළ අපයෝජනය සිදු කළ පාසල් ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මුත් ඔහු මේ වන විට ඇප පිට නිදහස් වී ඇති බවත් එම ගුරුවරයා ස්ථාන මාරු සිදු කිරිමට රජයට විශාල කාලයක් ගතව ඇති බවත් මෙවැනි සිදුවීම් විශාල ප්‍රමාණයක් වාර්තා වන බැවින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුසු ක්‍රමවේදයක් පැවතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මනෝ ගනේෂන් මහතා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ අවස්ථාවේ ළමා හා කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යවරිය විසින් පවසා ඇත්තේ මේ ගැන පැමිණිලි නැති බවත් එම නිසා මෙවැනි සිදුවීම් සිදුවූ වහාම පැමිණිලි කිරීමෙන් තොරව මේ ගැන සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම මේ ගැටලුව ප්‍රසිද්ධ උපකාරක පන්තියක මතුකර එම දැරිය අපහසුතාවට ලක් කළ ගුරුවරයාට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Saru FM Media