කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහළ යාමක්

0
9


කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (017) දින ඒකක 712.90 කින් දැවැන්ත ලෙස පහළ ගොස් තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ 4.64%ක් ලෙසටයි.

දිනය අවසානයේ එය එක්ක 14,660.45ක් ලෙස සටහන් වූ අතර, පිරිවැටුම ලෙස සටහන් වූයේ රුපියල් බිලියන 6.47ක් ලෙසටයි.

මේ අතර අද පෙරවරුවේ S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමක් ද සිදු කළා.

එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රමාණයක් පහළ ගොස් තිබුණා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here