Smart lady අපි අද සූදානම් වෙන්නෙ ලොකු පොඩි බේදයක් නැතුව අපි කවුරුත් කන්න ආස කරන සොසේජස් කෘතිම සහ ශරීරයට අහිතකර වර්ණක, රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැතිව සෞඛ්‍යාරක්ෂිත විදිහට ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියල ඔබට කියන්නයි.
අද අපි කියල දෙන්නෙ කුකුළු මස් සොසේජස් හදන විදිහ වුනත් ඔබ කැමති මස් වර්ගයක් යොදාගෙන මේ විදිහට සොසේජස් හදාගන්න පුළුවන්.
එහෙනම් අපි අවශ්‍ය කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
කටු රහිත කුකුළු මස් 250 g ක්
නයි මිරිස් කරල් 02 ක් (ඔබ කැමති නම් අමු මිරිස් හෝ කොච්චි යොදාගන්නත් ඒ මොනවත්ම යොදා නොගන්නත් පුළුවන්)
ගම්මිරිස් කැබලි හෝ කුඩු තේ හැඳි ½ ක්
ලුණු කුඩු තේ හැඳි 02 ක්
කෑලි මිරිස් තේ හැඳි ½ ක්
රතු අල යුෂ මේස හැඳි 02 ක් (අත්‍යාවශම නෑ)
ඔලිව් තෙල් හෝ ඔබ කැමති තෙල් වර්ගයකින් තේ හැඳි 05 ක්
ෆොයිල් හෝ තෙල් කඩදාසි
සාදාගන්නා ආකාරය
මුලින්ම, කටු ඉවත් කරගත් කුකුළු මස් කුඩා කැබලි වලට කපාගන්න ඕන.
මේ විදිහට කපාගත්ත කුකුළු මස් ටිකත් එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස්, නයි මිරිස්, තෙල් සහ රතු අල යුෂ ටිකත් බ්ලෙන්ඩරයට දමා කෑලි නොසිටින සේ හොඳින් අඹරාගන්න ඕන.
දැන් ෆොයිල් කඩදාසිය හෝ තෙල් කඩදාසිය සෘජුකෝණාස්‍ර හැඩයට කැබලි කීපයකට කපාගන්න ඕන.
මේ අඹරාගත්ත මස් මිශ්‍රණයෙන් කොටසක් අරන් අර ෆොයිල් හෝ තෙල් කඩදාසියක් මත තියල අතින් දිගැටි හැඩයට සකසලා ඒ කොලේ රෝල් කරල දෙපැත්තෙන් අඹරාගෙන දිග ටොපියක හැඩය ලැබෙන විදිහට සකසා ගන්න ඕන.
මේ සොසේජස් ඔබ කැමති දිගකින් සහ මහතකින් හදාගන්න පුළුවන්.
ඊළඟට අපි කොල වල ඔතල හදාගත්ත මේ සොසේජස් ටික පෙට්ටියක දාල වහල එක රැයක් ශිතකරණයේ උඩ කොටසේ තියාගන්න ඕන.
ඊළඟට අපි මේ ටික ස්ටීමරයක් හෝ රයිස් කුකරයක උදව්වෙන් ෆොයිල් කඩදාසියෙන් හෝ තෙල් කඩදාසි වලින් ඉවත් කරගත්ත වරකට අවශ්‍ය සොසේජස් ටික විනාඩි 10 ක් 12 ක් අතර කාලයක් ස්ටීම් කරගන්න ඕන.
ස්ටීම් කරද්දි සොසේජස් අතුරන තැටියේ බටර් හෝ තෙල් ටිකක් ගාගන්න පුළුවන් නම් වඩා හොඳයි.
ඔන්න දැන් සොසේජස් තම්බාගෙන ඉවරයි.
තෙල් ටිකක් දාල බැදගෙන හෝ ලූණු කරපිංචා තක්කාලි ටිකක් එක්ක තෙම්පරාදු කරල හෝ ඔන්න දැන් රසම රස සොසේජස් කන්න ඔබටත් පුළුවන්.
ඉතිරි සොසේජස් අර කොල වල ඔතල ශීතකරණයේම අසුරලා තියාගෙන අවශ්‍ය වෙලාවට භාවිතා කරන්නයි තියන්නෙ.
හදල බලමු නේද එහෙනම්.
සටහන – දුලානි නවෝද්‍යා
![]() |
ReplyForwardAdd reaction |
Saru FM Media