ජනාධිපති අරමුදල වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර යන හිටපු ඇමතිවරු ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරික්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ.
නීති සම්පාදකයන් වන මන්ත්‍රීවරුන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ජනතා අරමුදලින් අනුමත කළ උපරිම ප්‍රමාණයට වඩා ජනපති අරමුදල් ලබාගෙන වංචා කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව මේ පිළිබඳ විමර්ශනයට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර යන හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස රාජ්‍ය බැංකුවලට නියෝගයක්ද නිකුත් කර ඇත. තවද පොලිස්පතිට ලද තොරතුරක් මත මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
Saru FM Media