රෝගි ජීවිත අනතුරට හෙළමින් සිදු කළ ඖෂධ ජාවාරම හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඍජු මැදිහත්වීමකින් සිදුකර ඇති බව කෝප් කමිටුව හමුවේ හෙළි වී තිබේ.
ඖෂධ මිල දී ගැනීමේ දී සිදු කර තිබෙන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය 26 වෙනි දින කෝප් කමිටුව හමුවේ සිදු කළ විමර්ශනවල දී තහවුරු විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත හෙළි කළේ ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලීමක් මත බාල ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩරය ලබා දුන් බව ය.
වෛද්‍ය සැපයුම් අංශය මගින් ඖෂධ වර්ග 151 සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 5,278ක් සම්බන්ධයෙන් කර තිබෙන ජාවාරම් ගැන විශේෂ අවධානයක් යොමු කර තිබිණි.
Saru FM Media