කෙහෙලිය සහ මහින්දානන්ද බන්ධනාගාරයේ එකම වාට්ටුවක

0
2


රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්මගේ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙනවා. 

ඔහු M2 වාට්ටුවේ රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද රඳවා සිටින්නේ එම වාට්ටුවේයි. 

ඒ අනුව ඔවුන් දෙදෙනා තවත් රැඳවියන්    09 දෙනෙකු සමග එම වාට්ටුවේ රඳවා සිටිනවා. 

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ රාත්‍රියේ බන්ධනාගාර වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කර තිබෙනවා. 

එහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි. 

තමන්ට කිසිදු අසනීපයක් නොමැති බවද හිටපු මන්ත්‍රීවරයා ද වෛද්‍යවරයා හමුවේ ප්‍රකාශ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. 
 

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. 

මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කළේ ඉකුත් 16 වනදායි. 

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කළා.             
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here