කෙසෙල් ලෙල්ලෙන් ලස්සන වෙමු..

0
2

කෙසෙල් කියන්නේ ගුණදායක පළතුරක්.කෙසෙල් වලට අකමැති කෙනෙක් නැති තරම්. කෙසෙල් ලෙල්ල රූපලාවණ්‍ය කාරකයක් කීවොත් ඔබ පිළි ගන්නවා ද?
මෙන්න මේ විදියට කෙසෙල් ලෙල්ලෙන් ඔබට ලස්සන වෙන්න පුලුවන්.
1.මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කිරීම
කෙසෙල් ලෙල්ලේ ඇතුළත කොටස ලප කැළැල් මතුපිට සෙමෙන් අතුල්ලන්න. එහි පාට ලා දුඹුරු පැහැවනතුරු දවසකට තුන් වතාවක් කරන්න.
2. කුරුලෑ නැති කිරීම
 විනාඩි පහක් කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත මුහුණ මත අතුල්ලන්න. සති කීපයක් යන විට කුරුලෑ අතුරුදහන් වෙනවා.
3. ඇස් වටා කළු පැල්ලම් ඉවත් කිරීම.
. කෙසෙල් ලෙල්ලේ ඇතුළු පැත්තේ සුදු පැහැති තන්තු කොටස හැන්දකින් සුරලා අරගන්න. එය කෝමාරිකා යුෂත් සමඟ මිශ්‍ර කර ඒ මිශ්‍රණය ඇස් වටා ගලවන්න.
4. තරුණ බව රැක ගැනීමට
කෙසෙල් ලෙල්ලේ ඇතුළු කොටස සූරා අරගෙන බිත්තර සුදු මදයක් සමඟ මිශ්‍ර කරන්න. රාත්‍රී ආලේපයක් ලෙස කදිමයි .
5. දත් සුදු කරගැනීම.
විනාඩියක් පමණ කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත දත් මත අතුල්ලන්න. සතියක්  යනවිට  ඔබට හොඳ ප්‍රතිඵල ලැබේවි.
-නිබන්ධිකා-

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here