“මගේ කොණ්ඩේ පිදුරු වගේ..” කණ්නාඩිය දිහා බලාගෙන මෙහෙම කී වාරයක් කියලා තියනවද? කෙළවරක් නැතිව රිලැක්සින් කරලා, ස්ට්‍රේට් කරලා,වර්ණ ගන්වලා, ඔයිල් මසාජ් එකක් අවුරුදු ගාණකින් නොකර ඉඳලා එහෙම නහයෙන් අඬලා වැඩකුත් නැහැ තමයි.ඒත් ඉතින් පහුගිය දේට අඬන්න එපා කියලා ප්‍රසිද්ධ කියමනක් තියන හින්දා අපි අඬන්නේ නැතුව ස්මාර්ට් ව්සඳුමක් හොයා ගමු..
මොකටද දන්නවද?කොණ්ඩේ ආයේම ප්‍රාණවත් කරලා ලස්සන කරන්න. අන්න ඒ වැඩේට හරියටම හරියන කෙනා තමයි “කෙරටින් ට්‍රීට්මන්ට්” කියන්නේ.
අපි ඉස්සරලම ඒ ගැන දැනගෙන ඉමු. එතකොට ඇත්තටම මේ දේ ඔබටත් වැදගත් ද කියලා ඔබට දැන ගන්න පුලුවන්.කෙරටින් ට්‍රීට්මන්ට්ස් එහෙමත් නැත්නම් බ්‍රසීලියන් ස්ට්‍රේට්නින් කියල මේ ක්‍රමය හඳුන්වන්නේ.කෙරටීන් කියන්නෙ ස්වභාවිකව ඔබේ හිසකෙස් වල පවතින ප්‍රෝටීන වර්ගයටයි.මේ ප්‍රෝටීනය අපේ හිසකෙස් සෘජුව සහ දිදුලන ස්වභාවයෙන් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. මේ ට්‍රීට්මන්ට්ස් වලට භාවිතා කරන්නේ රීබොන්ඩින් කරන්න ගන්නා තරම් රසායනික ගුණය ඉහළ මට්ටමක නැති රසායනික ද්‍රව්‍ය. මේ ට්‍රීට්මන්ට් එකෙන් අනෙකුත් පර්මනන්ට් ස්ට්‍රෙට්නින් ට්‍රීට්මන්ට්ස් වලට වඩා හිස කෙස් වලට වන හානිය අඩු මට්ටමක පවතිනවා.
මේ ක්‍රම දෙකට භාවිත කරන ද්‍රව්‍ය වගේම ඒවායින් ලැබෙන ප්‍රතිපලත් එකිනෙකට වෙනස්. රසායනික රිලැක්ස් කිරීමේදී සෝඩියම් හයිඩ්රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්,ලිතියම් හයිඩ්රොක්සයිඩ් හෝ ග්වනඩින් හයිඩ්රොක්සයිඩ් වැනි රසායනික වර්ග නිසා කොණ්ඩයක ඇති බන්ධනයන් බිඳ නැවත සැකසීම නිසා හිසකෙස් සෘජු වීම වගේම දුර්වල වීමත් සිදුවනවා. නමුත් කෙරටින් සත්කාරය මගින් ඔබේ හිසකෙස් වල රසායනික සංයුතිය වෙනස් කරන්නේ නෑ.හිසකෙස් වල ඇති කුඩා සිදුරු වලට ප්‍රෝටීන් ඇතුළු කිරීමක් පමණක් සිදු කරනවාඒ නිසා හිසකෙස් සිනිඳු වෙනවා.
සාමාන්‍යයෙන් කෙරටීන් සත්කාරයක් පවතින්නේ මාස හයක් පමණ කාලයක්.
මෙය තරමක මිල අධික සත්කාරයක්.
කෙරටීන් සත්කාර වර්ණ ගැන්වූ හිසකෙස්වලට පවා ගැළපෙන සත්කාරයක්.
ඒත් ගර්භනී කාන්තාවන් සඳහා කෙරටින් සත්කාර සිදු කිරීම නිර්දේශ කරන්නේ නැහැ.
අපි නිතරම ඔබට මඟ කියන්නේ ස්වභාවික සත්කාර සිදු කරන්න නිසා කෙරටීන් සත්කාරයක් ස්වභාවිකව කරගන්න ආකාරය මෙන්න මේ වීඩියෝ එකෙන් දැන ගන්න පුලුවන්.
කොණ්ඩය සිනිඳු වීම නිසා හිසකෙස් පරිමාව අඩු වීම
ෂැම්පු සහ කන්ඩිෂනර් විශේෂ ඒවා නිසා වැඩි මිලක් වැය වීම
මෙය ඔබට මාස හයකට වතාවක් නැවත නැවත සිදු කරන්නට වෙනවා.නැතිනම් කොණ්ඩය ආයේ අප්‍රානික සහ අවුල් වීමට පුලුවන්.දිගින් දිගටම එයට මුදල් වැය කරන්න බැරිනම් ස්වභාවික කෙරටීන් සත්කාර කිරීම හෝ ඔබට පහසු වෙනස් හිසකෙස් සත්කාර කිරීමට ඔබට යොමු වෙන්න පුලුවන්
[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”beauty”]
Saru FM Media