ලස්සන කෙස් කළඹක් තිබීම කිහිප දෙනෙකුට ලැබෙන භාග්‍යයකි. රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ විස්මිත වර්ධනයන් සමඟ හිසකෙස් සඳහා තවත් විප්ලවීය සත්කාරයක් වන කෙරටින් ප්‍රතිකාරය මගින් ලස්සන කෙස් කළඹක සිහිනය ඔබට සැබෑ කරගන්නට පුළුවන්.
කෙරටින් යනු අපගේ හිසකෙස් වල ස්වභාවිකව පවතින ප්‍රධාන ප්‍රෝටීනයයි. හිසකෙස් වල කෙරටින් අඩංගු වනවා පමණක් නොව, එය ප්‍රධාන වශයෙන් කෙරටින් ආශ්‍රිත ප්‍රෝටීන වලින් ද සමන්විත වේ. එය ඔබේ හිසකෙස් ආරක්ෂා කිරීමට සහ ඒවා නිරෝගීව තබා ගැනීමට බාහිර ආරක්ෂිත සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක ප්‍රෝටීනයක් ලෙස ක්‍රියා කරයි. හිරු එළිය, පරිසර දූෂණය හෝ රසායනික ද්‍රව්‍ය වැනි බාහිර සාධකවලට නිරාවරණය වීම හෝ ඔබේ ජීවන රටාවේ වෙනස්වීම් හේතුවෙන් හිසකෙස්වල ඇති කෙරටින් ක්ෂය වේ. මෙය වියළි, හානි වූ සහ අවපැහැ හිසකෙස් ඇති කරයි.
හිසකෙස් සිනිඳු, දිලිසෙන සහ රැලි රහිත පෙනුමක් ලබා දීම සඳහා කෙරටින් කෘතිමව එකතු කරන අතර එනිසා ම එය බොහෝ දෙනා අතර වඩාත් ජනප්‍රිය ව තිබේ. මේ ප්‍රතිකාරය මඟින් කෙරටින් නැතිවීම නිසා ඔබේ හිසකෙස්වල ඇතිවන දුර්වලවීම් මැඩ පවත්වයි. කෙරටින් ප්‍රතිකාරයක් යනු මූලික වශයෙන් නැතිවූ ප්‍රෝටීන් ඔබේ හිසකෙස්වලට දමා හිසකෙස් නැවත ගොඩනැගීමයි.
මෙම ප්‍රතිකාරය මඟින් ඇතිවන සිනිඳු හිසකෙස් මාස කිහිපයකට පසු ක්‍රමයෙන් මැකී යයි. කෙරටින් ප්‍රතිකාරය straightening/rebounding ක්‍රියාවලිය මෙන් නොවේ. Keratin අමුද්‍රව්‍ය මූලික වශයෙන් සුපිරි,ශක්තිමත් ඩීප් කන්ඩිෂනර් එකක් වැනිය. ප්‍රතිකාරයේ ප්‍රතිඵල ද එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වේ. එය අත්‍යවශ්‍යයෙන්ම හානියට පත් හිසකෙස් කොටස් නැවත ගොඩනැගීම සිදු කරයි. දිලිසෙන, අඩු රැලි සහිත සහ හිසකෙස් මැනේජ් කිරීමට පහසු වීම ඔබට මේ ප්‍රතිකාරයෙන් අපේක්ෂා කළ හැකි විශාල ම ප්‍රතිලාභයයි. එමෙන් ම ඔබේ කෙස්වල ඝනකම ද වැඩි කර පෙන්වන්නට මෙමගින් හැකියාව ලැබෙනවා. නමුත් හිසකෙස් වැවීම වෙනුවෙන් විශාල කාර්‍ය භාරයක් කෙරටින් සත්කාරය ඉටු කරන්නේ නෑ. ඒ වගේ ම හිසකෙස් හැලීම වෙනුවෙනුත් එලෙසමයි. එය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මෙය හිස කෙස් සත්කාරයක් මිස කේෂ මූල සඳහා සත්කාරයක් නොවෙයි.
ඔබේ කේෂලාවන්‍ය ශිල්පියාගේ උපදෙස් නිවැරදි ව පිළිපදින්න.
සැර ශැම්පු වර්ග භාවිතා කිරීමෙන් වළකින්න.
සේදුම් වාර ගණන වැඩි වන විට මෙය ඉවත් වන බව සිහි තබා ගන්න.
හැකි නම් ඩ්‍රයි ශැම්පු එකක් භාවිතා කරන්න.
Saru FM Media