අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කෙටි කෑම මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරන්නේ පොල්තෙල් මිල අඩුවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.
කෙසේ වෙතත් ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ සාමාන්‍ය ආහාර වේලක මිල රුපියල් 20 කින් ඉහළ දැමූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
2
Saru News
















