කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

0
11



අක්ෂි රෝග, ජර්දි, අතීසාර, ග්‍රහණි, විසූචිකා, රක්ත අතීසාර, රක්ත අර්ශස්, ප්‍රදර රෝග, සෝම රෝග, ප්‍රමේහ, වමනය, ශරීර දුර්වලතා, විසර්ප ආදියට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂයෙන් කෙකටිය ශාකයේ අල සහ මල් භාවිතා කරයි. කෙකටිය ඇසට හිතකර, වණවල ඉදිමුම් සමනය කරන, දාහය සංසිඳුවන, වමනය වලක්වන, ශුක්‍ර වඩවන, ආහාර රුචිය ඇති කරවන, හෘදය බලගන්වන, මව්කිරි ජනනය කරන ආදී ගුණයන් රැසකින් සමන්විතයි.  


විසර්පවලට කෙකටිය අල ගිතෙලින් අඹරා ආලේප කරයි. අතීසාරයට අල තැම්බූ ජලය හෝ කෂාය බොන්නට දෙයි. ඇස් රෝගවලට වැල්මී සමඟ අඹරා පුරවලියන් යොදයි. කහ උණ සඳහා කෙකටිය මල්වලින් කැඳ සාදා බොන්නට දෙයි. කෙකටිය අල තම්බාගත් ජලය, මී පැණි සහ වී පොරි සමඟ කලවම් කොට බීමෙන් වමනයට සහනය ලැබේ. තෘෂ්ණ හෙවත් පිපාසයට මල් හෝ අල තැම්බූ වතුර පානය කිරීම ගුණ ය. අම්ලපිත්ත හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳින අයට කැඳ පිණිස පානයට දීම හෝ සම්පූර්ණ පැළයම තම්බා පානයට දීම හිතය. ගර්භනී මව්වරුන්ට ගර්භය නිසිලෙස ස්ථාපනය වීමට කෙකටිය අල බැද තම්බා කෑමට දෙයි. ප්‍රමේහ රෝගීන්ට ආහාරයක් ලෙස අල හෝ මල් කුමන ආකාරයකින් හෝ සකසා දීමත්, කෂය ලෙස සකසා දීමත් සිදු කරයි. දරුවන් ලැබූ මව්වරුන්ට ලේ වහනය වැලැක්වීමටත්, කිරිදෙන මව්වරුන්ට මව්කිරි වැඩීමටත් අල සහ මල් කැඳ සහ ව්‍යංජන ලෙස සකසා දීම ගුණදායක ය. 


කෙකටිය අල ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගනී. එමෙන්ම අල තම්බා පොල් සමඟ ආහාරයට එක්කර ගත හැකිය. එය ශරීර ශක්තිය වඩවන ආහාරයක් ලෙස සැලකේ. කෙකටිය මල් ද (මල් සහ මල් නටුව) කිරට සහ තෙල් දමා

ප්‍රනීත ව්‍යංජනයක් ලෙස පිස ගත හැකිය. කෙකටිය ආහාරයට ගැනීමෙන් පිත කෝප වී හට ගන්නා ඇඟපත දැවිල්ල, මුත්‍රා දැවිල්ල, බඩ දැවිල්ල, මල මාර්ගයේ දැවිල්ල ආදී පීඩාකාරී අවස්ථාවන් මඟ හරවා සහනයක් සලසා ගැනීමට හැකි වේ.



මූලාශ්‍ර_ ඖෂධීය ශාක සංග්‍රහය



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here