කෘෂිකර්මාන්තය තිරසාර සංවර්ධනයේ කොටසක් බව ජාතික අලුත් සහල් මංගල්‍යයේදී ජනපති කියයි

0
12


මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කෘෂිකර්මාත්තය එහි ප්‍රධානතම අංගය ලෙස සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස අද පෙරවරුවේ පැවති 58 වන ජාතික අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

Neth Sound · ANURA 02

කෘෂිකර්මාන්තය ආහාර උත්පාදනය කරන ක්ෂේත්‍රයක් පමණක් නොව මෙරට පරිසර පද්ධතියේ තිරසාර සංවර්ධනයට අවශ්‍ය වන ක්ෂේත්‍රයක් වන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

Neth Sound · ANURA 03

අමාත්‍යවරුන් වන කේ ඩී ලාල්කාන්ත, වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවි සංවිධානවල නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here