කුසලානය ඕනෑ නම් කාර්යාලයට පැමිණ මගෙන් ගන්න – ACC සභාපති මොහ්සීන් නක්වි

0
1

ආසියානු කුසලානය භාරගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය තවත් වැඩි කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සීන් නක්වි ඉන්දියාවට තවත් අභියෝගයක් එල්ල කර තිබේ.

ඉන්දියාවට අවශ්‍ය නම් (ACC) කාර්යාලයට ඇවිත් මා අතින් එය රැගෙන යන්න යැයි ඔහු පවසා තිබිණි. තවද ඔවුන් මා සාදරයෙන් පිළිගන්නා බවද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

අවසන් මහා තරගයෙන් පසු කුසලාන ප්‍රදානෝත්සවයේදී ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් කිසිදු සමාවක් නොගන්නා බවට ද මොහ්සින් නක්වි වැඩිදුරටත් පවසා තිබේ.

කුසලානය භාරදෙන ලෙස ඉන්දියාවෙන් කරන බලපෑම් මේ වනවිට දැඩි වී තිබේ.

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here