මොරගහහේන, කුඹුක ප්‍රදේශයේ දී කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
නිවසක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව අද අළුයම් කාලයේ සිදුකළ වැටලීමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ වෙත ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්ෂක විමල් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතත්තේ, වීර හැන්නදිගේ කුසුම්ලතා ප්‍රනාන්දු නොහොත් “කාන්ති” යන සැකකාරිය වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සොයාගෙන ඇත.
වැටලීම අතරතුර සැකකාර කාන්තාව තම පුතා පොලිස් පරීක්ෂකවරයෙකු බව පවසමින් පරීක්ෂාවට විරෝධය පළ කර ඇති අතර, පසුව නිලධාරිනියක විසින් සිදුකළ සෝදිසි කිරීමකදී ඇය සතුව තිබූ මත්ද්‍රව්‍ය හෙළිවී තිබේ.
පොලිස් පරීක්ෂණ අනුව මෙම නිවස ප්‍රදේශය පුරා කුෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට භාවිතා කළ ආරක්ෂිත ස්ථානයක් ලෙස යොදාගෙන ඇති අතර, සැකකාරියගේ පුතා කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන බවටද තහවුරු වී ඇත.
මෙම වැටලීම මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.ප. විමල්, පො.සැ. 52566 රොෂාන්, පො.කො. 35039 මධුසංක, පො.කො. 97342 දිසානායක, පො.කො. 100291 ලසිත, පො.කො. 102726 ජයසුන්දර, කා.පො.කො. 13090 කරුණාරත්න, පො.කො.රි. 94735 මධුසංක යන නිලධරයන් කණ්ඩායම සහ පො.සැ. 75056 ඉන්දික, පො.කො. 104547 කුරු කුලසූරිය, යන ආවේක්ෂණ නිලධරයන් විසින් සිදු කරන ලදී.
Saru News
















